Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ඩ්‍රි රසල්ගේ (නොදැවී 48) පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර්හිදී අද (5 වැනිදා) පැවැති 17 වැනි තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල ඕවර 19.1 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය ජයගැනීමට සමත්විය.
ක්‍රිස් ලයන් ලකුණු 43 ක් ද රොබින් උතප්පා ලකුණු 33 ක් සහ නිතිෂ් රානා ලකුණු 37 ක් රැස්කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමාදුන් අතර අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ ඇන්ඩ්‍රි රසල් පන්දු 13 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් කොල්කටා පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 3 තුළදී ලකුණු 53 ක් ලබාගැනීමට කොල්කටා පිලට අවශ්‍යවූ අතර මාකස් ස්ටොයිනිස් යවන ලද 18 වැනි ඕවරයේදී ලකුණු 23 ක් සහ ටිම් සෝතී යවන ලද 19 වැනි ඕවරයේදී ලකුණු 29 ක් ලබාගනිමින් පන්දු 5 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ඇන්ඩ්‍රි රසල් සහ ශුබ්මන් ගිල් සමත්වූහ.
කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දුවට පහරදීම සඳහා බැංගලෝර් පිල ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 205 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
නායක විරාට් කෝලීගේ සහ ඒ.බී.ඩිවිලියර්ස්ගේ වේගවත් පිතිහරඹය හමුවේ ලකුණු 200 සීමාව පසුකිරීමට බැංගලෝර් පිල සමත්විය. විරාට් කෝලී පන්දු 49 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළ අතර ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 32 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් රැස්කිරීමට සමත්වූහ.
පාර්තිව් පටෙල් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ විරාට් කෝලී දෙවැනි කඩුල්ල සඳහා ඒ.බී.ඩිවිලියර්ස් සමගින් එක්ව පන්දු 56 කදී ලකුණු 108 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
කොල්කටා පිලේ නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද බැංගලෝර් පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් වූහ.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 205
(පාර්තිව් පටෙල් 25, විරාට් කෝලී 84, ඒ.බී.ඩිවිලියර්ස් 63, මාකස් ස්ටොයිනිස් නොදැවී 28)
කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 19.1 කදී කඩුලු 5 ක් දැවී 206
(ක්‍රිස් ලයන් 43, රොබින් උතප්පා 33, නිතිෂ් රානා 37, ඇන්ඩ්‍රි රසල් නොදැවී 48, පවන් නෙගී 21/2, නව්දීප් සයිනි 34/2)
ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.