Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාජකීයයෝ එක්දින තරගය දිනති

රාජකීයයෝ එක්දින තරගය දිනති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (16) පැවැති 44 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් රාජකීය විදුහල් ක්‍රීඩකයෝ කඩුල්ලක තියුණු ජයක් ලැබූහ. සාන්ත තෝමස් විදුහල මෙවර වසර 12 කට පසුව මහා ක්‍රිකට් තරගය ජය ලබා සිටියදී රාජකීයයෝ එක්දින තරගය ජයගත්හ.

රාජකීය විදුහල් පිල ලකුණු 256 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 48 කදී කඩුලු නවයක් දැවී සම්පූර්ණ කළේය. ළහිරු මධුසංඛ ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් ලකුණු අවශ්‍යම අවස්ථාවේදී පන්දු 17 කින් හයේ පහර හයක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කිරීම කැපී පෙනුණි.

 නායක කවිඳු මදාරසිංහ (51) සහ අහන් වික්‍රමසිංහ දෙවැනි කඩුල්ලට ලකුණු 89 ක සම්බන්ධතාවක් පවත්වමින් රාජකීය විදුහල් පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. අහන් වික්‍රමසිංහ පන්දු 102 කදී හතරේ පහර හතක් සමගින් ලකුණු 67 ක් රැස් කළේය.  කමිල් මිෂාර පන්දු 82 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 68 ක් රැස්කරමින් ඉනිමට වේගය එකතු කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහලේ උමයංග සුවාරිස් පන්දු 89 කින් ලකණු 81 ක් රැස්කළ අතර එයට හතරේ පහර අටක් සහ හයේ පහරක් ඇතුළත් විය. සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් නායක සිතාර හපුහින්න (51) සහ රයන් ප්‍රනාන්දු (51) අර්ධ ශතක රැස්කළහ.

කෞෂාන් කුලසූරිය රාජකීය විදුහල් පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ඕවර දහය ලකුණු 38 කට අවසන් කළේය.  


සාන්ත තෝමස් විදුහල ඕවර 50 යේදී කඩුලු 6 ට 255
(සිතාර හපුහින්න 51, රයන් ප්‍රනාන්දු 51, උමයංග සුවාරිස් නොදැවී 81, කළන පෙරේරා නොදැවී 37)

රාජකීය විදුහල ඕවර 48 කදී කඩුලු 9 ට 259
(කවිඳු මදාරසිංහ 51, අහන් වික්‍රමසිංහ 67, කමිල් මිෂාර 68, ළහිරු මධුසංඛ නොදැවී 46, කළන පෙරේරා 78/2, ශනෝන් ප්‍රනාන්දු 45/4)

 


අදහස් (0)

රාජකීයයෝ එක්දින තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.