Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ හයවන තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ රාජස්තාන් රෝයල් කණ්ඩායම් අතර ජායීපූර්හිදී අද (11 වැනිදා) පැවැත්වුණු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 10 කින් ජයගැනීමට දිල්ලි රාජස්තාන් රෝයල් පිල සමත්විය.
වර්ෂාව හේතුවෙන් මිනිත්තු 150 ක පමණ කාලයක් නතර කර තිබූ තරගය යළි ආරම්භ කරනවිට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ඕවර 6 කදී ලකුණු 71 ක ඉලක්කයක් හිමිවිය.
ලකුණු 71 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ඕවර 6 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 60 ක් පමණි.
රිෂාබ් පාන්ට් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් රැස්කරමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතකරුවා බවට පත්වූ අතර බෙන් ලාෆ්ලින් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පළමුව පන්දුවට පහරදීම සදහා රාජස්තාන් රෝයල් පිලට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ ඉනිම අවසන් කරනවිට ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට සමත්විය.
තෙවැනි කඩුල්ල සදහා නායක අජින්ක්‍යා රහනේ සහ සංජු සැම්සන් එක්ව පන්දු 41 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පවත්වමින් රාජස්තාන් රෝයල් පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
පන්දු 40 කට මුහුණදෙමින් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 5 ක් රැස්කිරීමට අජින්ක්‍යා රහනේ සමත්වූ අතර පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර ක් සමගින් ලකුණු 37 ක් රැස්කිරීමට සංජු සැම්සන් සමත්විය.
මැදපෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදුන් ජොස් බට්ලර් පන්ද 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 29 ක් රැස්කරමින් රාජස්තාන් රෝයල් ඉනිම ශක්තිමත් කිරීමට සමත්විය.
රාජස්තාන් රෝයල් කණ්ඩායමේ වෙනස්කමක් සිදුකර නොමැති අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් අමිත් මිෂ්රා සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් කණ්ඩායමෙන් ඉවත්කර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ ශබාස් නදීම් කණ්ඩායමට කැඳවූහ.
කාසියේ වාසිය ලැබූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රාජස්තාන් රෝයල් - ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 153
(අජින්ක්‍යා රහනේ 45, සංජු සැම්සන් 37, ජොස් බට්ලර් 29, ශබාස් නදීම් 34/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඕවර 6 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 60
(රිෂාබ් පාන්ට් 20, බෙන් ලාෆ්ලින් 20/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.