Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රාජස්ථාන් පිලට කඩුලු 7 ක ජයක්

රාජස්ථාන් පිලට කඩුලු 7 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර ජායිපූර්හිදී අද (2 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් පිල ඕවර 19.5 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය ජයගැනීමට සමත්විය.

ජොස් බට්ලර් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් රාජස්ථාන් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ස්ටීවන් ස්මිත් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් සහ රාහුල් ත්‍රිපාටී පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කිරීමට සමත්වූහ.

යුස්වේද්‍ර චහල් සිය ඕවර 4 ලකුණු 17 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තද බැංගලෝර් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.

පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

පාර්තිව් පටෙල් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 67 ක් රැස්කරමින් බැංගලෝර් පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශ්‍රියාස් ගෝපාල් ඕවර 4 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගනිමින් බැංගලෝර් පිල අඩපණ කිරීමට සමත්විය.

රාජස්ථාන් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ආබාධයකට ලක්වූ සංජු සැම්සන් වෙනුවට ස්ටුවර්ට් බිනී සහ ජයදේව් උනද්කට් වෙනුවට වරුන් ඒරන් කණ්ඩායමට කැඳවූහ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකරමින් ශිවාම් ඩුබේ, ප්‍රයාස් රේ බාර්මන් සහ කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් ඉවත්කර ආක්ෂ්දීප් නාත්, නව්දීප් සයිනි සහ මාකස් ස්ටොයිනිස් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය ලැබූ රාජස්ථාන් කණ්ඩායමේ නායක අජින්ක්‍යා රහනේ පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 158
(විරාට් කෝලී 23, පාර්තිව් පටෙල් 67, මාකස් ස්ටොයිනිස් නොදැවී 31, ශ්‍රියාස් ගෝපාල් 12/3)

රාජස්ථාන් රෝයල්ස් - ඕවර 19.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 164
(අජින්ක්‍ය රහනේ 22, ජොස් බට්ලර් 59, ස්ටීවන් ස්මිත් 38, රාහුල් ත්‍රිපාටි නොදැවී 34, යුස්වේන්ද්‍ර චහල් 17/2)

 


අදහස් (0)

රාජස්ථාන් පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.