Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය සඳහා නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 6 ක් ඇතැතිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 448 ක් ඉදිරියෙන් සිටී.
මේ වන විට තරගාවලිය පරාජය වී තිබෙන නමුත් අවසන් ටෙස්ට් තරගය හෝ ජයගනිමින් හිස් කෙළින් තබාගෙන තරගාවලිය අවසන් කිරීම එංගලන්ත පිලේ අපේක්‍ෂාව වී තිබේ. සිය අවසන් ටෙස්ට් ඉනිම 5 දීම ලබාගත්ගේ ලකුණු 55 ක් පමණි. එහෙත් අළු බඳුන තරගාවලියට මෙන්ම ලෝක කුසලාන තරගාවලියත් ඇතුළත් එංගලන්ත ගිම්හානය ආරම්භ වීමට පෙර මුහුණ දුන් අවසන් ඉනිමේදී ජෝ රූට්ගේ නම ඉදිරියෙන් ශතකයක් තිබේ.
ඉදිරියේ එන තරග මාලාව වෙනුවෙන් එංගලන්තය යළිත් කෙළින් සිටවූ ජෝ රූට්, නායකත්වයේ ඉනිමක් ප්‍රදර්ශනය කරමින් හතරේ පහර 9 ක් සමග සිය 17 වැනි ටෙස්ට් ශතකය ලබා ගත්තේය. ජෝ ඩෙන්ලි (69) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රූට්, ඉන් නොනැවතී ජොස් බට්ලර් (56) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
තරමක් වේගයෙන් ලකුණු රැස්කළ ඩෙන්ලි හතරේ පහර 11 ක් සමගින් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර ජොස් බට්ලර්ගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය. තුන්වැනි දිනය නිමාවන විට නායක ජෝ රූට් ලකුණු 111 ක්ද, බෙන් ස්ටෝක්ස් ලකුණු 29 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 71 කි.
තරගයේ දෙවැනි දිනය වූ සඳුදා (11 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 306 ක් එක්කර ගත්හ. එහිදී කොදෙව් පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ කඩුලු 4 ක් පමණි.
දිනය ආරම්භයේදීම පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ කීමෝ පෝල් ගිලන් මැස්සක රඳවා පිටියෙන් ඉවතට ගෙන යන ලදි. එයින් සිදුවූයේ කොදෙව් පිල වේග පන්දු යවන්නන් තිදෙනකුට සහ රොස්ටන් චේස්ගේ කාලානුරූපි දඟ පන්දු වලට සීමා වීමයි.
හොඳ ඇහැක් අති පන්දු රකින්නකු මෙන්ම පළපුරුදු ක්‍රීඩකයකු වන ඩැරන් බ්‍රාවෝද ඇඟිල්ලේ පන්දුවක් වැදීම නිසා දිනය පුරාම පිටියේ නොසිටියේය.
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 277
(රෝරී බර්න්ස් 29, ජෝ ඩෙන්ලි 20, ජොස් බට්ලර් 67, බෙන් ස්ටෝක්ස් 79, කේමර් රෝච් 48/4, ෂැනන් ගේබි්‍රයල් 49/2, කීමෝ පෝල් 58/2, අල්සාරී ජෝෂප් 61/2)
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 154
(ජෝන් කැම්බල් 41, ෂේන් ඩොව්රිච් 38, මාක් වුඞ් 41/5, මුයින් අලී 36/4)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 325
(කීටන් ජෙනිංස් 23, ජෝ ඩෙන්ලි 69, ජෝ රූට් නොදැවී 111, ජොස් බට්ලර් 56, බෙන් ස්ටෝක්ස් නොදැවී 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.