Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත නායකත්වය හිස මතට ගත් පළමු තරගයේ පළමු ඉනිමේදීම බර කරට ගත් ජෝ රූට්ගේ (නොදැවී 184) ශතකයත් බෙන් ස්ටෝක්ස්ගේ (56) සහ මොයින් අලීගේ (නොදැවී 61) ධෛර්යවත් ඉනිම නිසා හිස එසවූ එංගලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ අද (6 වැනිදා) දිනය අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 357 ක් ලබා සිටියේය.
පෙරවරුවේදී තරගයේ පාලනය සහමුලින්ම අතට ගත් දකුණු අප්‍රිකානුවෝ ලකුණු 76 කට කඩුලු 4 ක බිම දැමූ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ රූට් සහ ස්ටෝක්ස් දෙදෙනා පළමු දින තේ පානය වන විට ගෞරවනීය ස්ථානයක් කරා එංගලන්ත පිල කැඳවාගෙන ගියහ. තේ පානය වන විට කඩුලු 4 කට ලකුණු 182 ක් ලබා සිටි එංගලන්තය වෙනුවෙන් පසුපෙළ පිතිකරුවන් බර කරට ගැනීම නිසා කඩුලු 5 ක් අතැතිව ලකුණු 350 සීමාව පසකර යාමට එංගලන්තයට හැකිවිය.
පළමු දිනය ඕවර 87 කට සීමා වන විට ජෝ රූට් නොදැවී ලකුණු 184 ක් ලබා සිටි අතර මුයින් අලී ලකුණු 61 ක් ලබා නොදැවී සිටියේය.
නායකත්වයට පත්වූ පළමු තරගයේදිම එංගලන්තය වෙනුවෙන් ශතකයක් රැස්කළ හයවැනි ක්‍රීඩකයා විමට ජෝ රූට් සමත් විය. ආචී මැක්ලරන්, ඇලන් ලැම්බ්, ඇන්ඩ්‍රැ ස්ට්‍රොවිස්, කෙවින් පීටර්සන්, ඇලෙස්ටයාර් කුක් මින් පෙර මෙම දස්කම කිරීමට සමත් වූහ.
දිවා ආහාරයට පෙර කඩුලු 4 ක් දවාගත් දකුණු අප්‍රිකානුවන්ට දිවා ආහාරයත් තේ පානයත් අතර ගෙවා දමන්නට සිදුවූයේ පන්දු අහුළමිනි. ඒ අතරවාරයේදී උඩපන්දු දෙකක් ගිළිහී ගිය අතර කඩුල්ලක් දවාගැනීමේ අවස්ථාව ලැබුණ නමුත් එයද නිපන්දුවක් හමුවේ වූයෙන් ඒ වන විට ලකුණු 44 ක් ලබා සිටි බෙන් ස්ටෝක්ස්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමට තවදුරටත් වාසනාව ලැබිණ. ඒ සියල්ලම එංගලන්තයේ වාසියට සිටියේය.
නායක රූට් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් රබාඩා ප්‍රමුථ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලකුණු 49 ක් තුළදී එංගලන්ත මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. ලකුණු 76 ක් ව තිබියදී ජොනී බෙයාර්ස්ටෝද දැවී ගිය හෙයින් එංගලන්තය අමාරුවේ වැටී තිබිණ. එහෙත් ජෝ රූට් සහ බෙන් ස්ටෝක්ස් එංගන්තය වෙනුවෙන් පෙනී සිටියහ.
එංගලන්තය (ඕවර 87 කදී) කඩුලු 5 කට 357 යි
(ගැරී බැලන්ස් 20, ජෝ රූට් නොදැවී 184, බෙන් ස්ටෝක්ස් 56, මුයින් අලි නොදැවී 61, වර්නන් පිලැන්ඩර් 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.