Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය.
ඒ අනුව කොළඹ කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 372 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවන විට ධනංජයද සිල්වා හතරේ පහර 10 ක් සමග ලකුණු 53 ක්ද, ළහිරු තිරිමාන්න හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. තරගය නතර කරන විට ඔවුන් දෙදෙනා එක්ව කොළඹ ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 79 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී නිසල තාරකගේ පන්දුවක් හමුවේ ඕෂද ප්‍රනාන්දු අතට උඩපන්දුවක් දෙමින් ෂෙහාන් ජයසූරිය ලකුණු 8 කට දැවී ගිය අතර මොහොමඞ් ඩිල්ෂාන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ලකුණු 13 ක් ලබා සිටි කෞෂාල් සිල්වාට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.
පළමු දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටි ගාල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා තවත් ලකුණු 155 ක් එක්කරගත්හ. ගාල්ල ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රොෂේන් සිල්වා හතරේ පහර 16 ක් සමග නොදැවී 231 ක් රැස්කළේය. එම ද්විත්ව ශතකය ලබාගැනීම සඳහා ඔහු පන්දු 392 කට මුහුණදී තිබූ අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 58.93 ක් ලෙස සටහන් වී තිබිණ.
නිසල තාරක (20) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොෂේන්, ඉන් නොනැවතී අකිල ධනංජය (24) සමග එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 කද, මාලින්ද පුෂ්පකුමාර (19) සමග එක්ව නමවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30 කද සම්බන්ධතා ගොඩනමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 450 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස නිසල තරක දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි. අකිල ධනංජය දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට ළහිරු තිරිමාන්න සමත් වූ අතර මාලින්ද පුෂ්පකුමාරගේ කඩුල්ල බිඳ දැමීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය. ගාල්ල ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහොමඞ් ඩිල්ෂාන් ලකුණු 4 කට දැවී ගියේ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ චාමර සිල්වා අතට උඩපන්දුවක් දෙමිනි.
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 476
(මාධව වර්ණපුර 18, රොෂේන් සිල්වා නොදැවී 231, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, නිසල තාරක 20, අකිල ධනංජය 24, මාලින්ද පුෂ්පකුමාර 19, දිල්රුවන් පෙරේරා 106/3, කවිෂ්ක අංජුල 52/2, ලසිත් ඇඹුල්දෙණිය 147/2)
කොළඹ පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 104
(ධනංජය ද සිල්වා නොදැවී 53, ළහිරු තිරිමාන්න නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.