Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්

ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැපයූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 

සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 30 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුළත්ව සිටින බවත් එම සංචිතය පසුගිය සිකුරාදා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය යොමුකර තිබුණ බවත් දැනගන්නට ලැබේ. එහෙත් මෙම සංචිතයට ඊයේ රාත්‍රී දක්වා අනුමැතිය ලැබී නොතිබුණි. ලසිත් මාලිංග එම සංචිතයට ඇතුළත්ව සිටීම නිසා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමති අනුමැතිය දීම ප්‍රමාද කෙරෙන බව තතු දන්නෝ පවසති. 

“මාලිංග ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයෙක් ඔහුට ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව මාධ්‍යයට අදහස් දක්වන්න බෑ. ඔහු එවැනි දෙයක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්‍ෂණයක් පැවැත්වෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් වැඩි දුරටත් පැවසීය. 

මාලිංගට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා කළේ යැයි කියන නියෝගයක් අනුව මාලිංග පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පැමිණි බව වාර්තා වේ. එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස මාලිංගට උපදෙස් දුන් බව වාර්තා වේ.

මාලිංග සංචිතයෙන් ඉවත් කරන ලෙස දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ වැඩි දෙනෙක් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක කමිටු රැස්වීමට සහභාගි වීම සඳහා එංගලන්තයට ගොස් සිටිති. එම නිලධාරීන් පැමිණි පසු මාලිංගට එරෙහිව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට නියමිතය. 
 


අදහස් (1)

ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.