Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලොකුහෙට්ටිගේටත් තරග පාවාදීමේ චෝදනා

ලොකුහෙට්ටිගේටත් තරග පාවාදීමේ චෝදනා

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන නීති සංග්‍රහය කඩ කළේ යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දිල්හාර ලොකුහෙට්ටිගේටත් චෝදනා එල්ල කර තිබේ. පසුගිය වසරේදී මැද පෙරදිග එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ද ලොකුහෙට්ටිගේට එරෙහිව මෙවැනිම ආකාරයේ ක්‍රිකට් දූෂණ චෝදනා ඉදිරිපත් කරන ලදි. 

කෙසේ වෙතත් මෙවර අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉදිරිපත් කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට අමතර චෝදනා කිහිපයකි. 

ලොකුහෙට්ටිගේට පහත චෝදනා තුන එල්ල වී තිබේ. 

2.1.1 වගන්තිය 
තරග පාවාදීම. අන්තර්ජාතික තරගයක ප්‍රතිඵලය, ගලායාම හෝ පාලනය නැතහොත් එහි කිසියම් අංගයක් උපක්‍රමශීලීව හෝ අනියම් ආකාරයෙන්, නැතහොත් කිසියම් එකඟතාවක් මගින් වෙනස් කිරීමට අනුබල දීම. 

2.1.4 වගන්තිය
දූෂණ මර්ධන නීති සංග්‍රහයේ 2.1 වගන්තිය බිඳ දැමීම සඳහා තරගයකට සහභාගි වන කිසියම් අයකුට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් ආධාර අනුබල දීම, පෙළඹවීම, උපායමාර්ග කියා දීම, උපදෙස් දීම, ඇවිටිලි කිරීම හෝ ධෛර්යවත් කිරීම

2.4.4 වගන්තිය
දූෂණ මර්ධන නීති සංග්‍රහය යටතේ වරදක් විය හැකි යමක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයෙන් සම්පූර්ණයෙන්ම වසන් කිරීම සහ එවන් දූෂණ සඳහා සම්බන්ධවන ලෙස තමන්ට ලැබුණු ආරාධනා සහ පෙළඹවීම් පිළිබඳව හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීම. 

එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වසර 2017 දී සංවිධානය කරන ලද දහයයි-10 තරගාවලියේදී සිදුවීම් සම්බන්ධයෙන්ද දිල්හාරට චෝදනා එල්ල කරන ලදි. ඒ අනුව ඔහුට ප්‍රාථමික තහනමක් පනවා තිබිණ. මෙම ප්‍රාථමික තහනම එලෙසින්ම ක්‍රියාත්මකව පවතිද්දීම එල්ල වි ඇති නව චෝදනා සම්බන්යෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඔහුට තවත් තහනමක් පනවා තිබේ. 

ඒ අනුව ඔහුට එල්ල වී තිබෙන නව චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා අප්‍රේල් 3 වැනිදා සිට දින 14 ක කාලයක් ලැබේ. එතෙක් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇත. 

මීට පෙර ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසූරියට සහ නුවන් සොයිසාටද තරග පාවාදීමේ චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරිය වසර දෙකක තහනමකට ලක්ව සිටින අතර නුවන් සොයිසාට එරෙහවද තහනමක් ක්‍රියාත්මකව පවතී. 


අදහස් (0)

ලොකුහෙට්ටිගේටත් තරග පාවාදීමේ චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.