Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 16 වැනිදා සිට බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුවහොත් කණ්ඩායමේ දීමනාව ඩොලර් ලක්‍ෂ 5 සිට ඩොලර් මිලියනක් දක්වා වැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානමින් සිටී.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් වූ කොන්දේසි අනුව ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වීමේදී කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් නොසතුටට පත්ව සිටි අතර කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම වූයේ ලෝක කුසලාන තරගාවලි වලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට හිමිවන මුදලින් 20% ක ප‍්‍රමාණයක් තමන්ට හිමිවිය යුතු බවයි. එහෙත් ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව එකග නොවීම නිසා දෙපාර්ශ්වය අතර මත ගැටුම් නිර්මාණය වී තිබිණ.
මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක මුදලක් කණ්ඩායමට පිරිනැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඊයේ පැවැති රැස්වීමකදී තීරණය කර තිබිණ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙයි නම් එම මුදල ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 4 ක් දක්වා වැඩි කිරීමටත් යම් හෙයකින් තරගාවලියේ ශූරතාව දිනාගතහොත් එම මුදල ඩොලර් ලක්‍ෂ 5 සිට ඩොලර් මිලියනයක් දක්වා වැඩි කිරීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය ඊයේ (11 වැනිදා) කර තිබිණ.
මෙම මුදල කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන්නේ තරගාවලියේදී ජයග‍්‍රහණයන් වෙනුවෙන් පිරිනැමෙන මුදලට අමතරවය. ජයග‍්‍රහණයන් සහ තරගයේ වීරයාට මෙන්ම විශේෂ දස්කම් වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාග කණ්ඩායමට බැර කෙරේ.
”අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි වලදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබෙන මුදලෙන් 25 % ක් කී‍්‍රඩකයන්ට දෙන්න තීරණය කිරීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාවේ හිටපු සභාපතිවරයකු තනි මතයට ගත් වැරදි තීරණයක්”
”එක් කෙනෙක් වැරදි තීරණයක් ගත්තා කියලා ඒ වැරැද්ද දිගටම කරගෙන යන්න ඕනේ නෑ. අනෙක මේ මුදල් යොදවලා තමයි අපි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයන් වගේම නැගී එන කණ්ඩායම් සහ 19 න් පහළ කණ්ඩායම් දියුණු කරන්නේ” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
”අපි ඒ ගොල්ලන්ගේ දීමනා සම්බන්ධයෙන් 7% ක වැඩිවීමක් කරලා තියෙනවා. මේ ඉල්ලන්නේ අවශ්‍ය දෙයක් නෙමෙයි”
”ඒ කොහොම වුණත් අපි ඔවුන් නොසලකා හරින්නේ නෑ. කී‍්‍රඩකයන් හොඳින් දස්කම් දක්වලා ඉහළ තලයට එනවා නම් ඔවුන්ට ඉතාමත් සාධාරණ ගෙවීමක් අපි කරනවා” යයිද එම විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් පැවසීය.
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 9 කට ආසන්නය. ඒ අතරට කී‍්‍රඩකයන්ගේ රූප භාවිතා කිරීමේ අයිතිය වෙනුවෙන් ගෙවනු ලබන ඩොලර් මිලියන දෙකක්ද වෙයි. කී‍්‍රඩකයන් ඉල්ලා සිටියේ මෙම මුදලින් 20% කි.
කී‍්‍රඩකයන්ගේ තර්කය වන්නේ තමන් වෙහෙස මහන්සිවී උපයන මුදලින් කි‍්‍රකට් නිලධාරීන් තම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්නා බවත් කි‍්‍රකට් කී‍්‍රඩාව පවත්වාගෙන යාම සඳහා පාසල් වලට කී‍්‍රඩා ආම්පන්න බෙදා හරින්නේත් දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන බවත්ය.
ලෝක කුසලාන තරගාවලි ගෙවීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව යෝජනා අද සවස කී‍්‍රඩකයන්ට දැනුම් දෙන ලදි.
විස්සයි:20 ලෝක කුසලාන තරාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා පිරිමි සහ කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.