Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලෝක වාර්තාවක් සමගින් ශී‍්‍ර ලංකාවට ජය

ලෝක වාර්තාවක් සමගින් ශී‍්‍ර ලංකාවට ජය

ශනුක අරවින්ද - 2014 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A


 

තවමත් ටෙස්ට් වරම් ලබා නැති නමුත් විස්සයි:20 කී‍්‍රඩාවේදී ප‍්‍රබලයන්ගේ නළලත රැළි නැංවීමට සමත්ව සිටි නෙදර්ලන්ත කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයට ඇද දැමූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශයේ සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලූ 9 ක විශිෂ්ට ජයක් කරා යාමට ශී‍්‍ර ලංකා පිලට මග විවර කර දුන්හ.

නෙදර්ලන්ත පිල  ඕවර 10.3 කදී ලකුණු 39 කට දැවී ගිය අතර ශී‍්‍ර ලංකා පිතිකරුවෝ  ඕවර 5 කදී අවශ්‍ය ලකුණු 40  ලබාගත්හ. දැවී ගිය පිතිකරුවා වූයේ කුසල් පෙරේරා පමණි.

එය විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර වි:20 තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් 30 වැනිදා සාජාහි පැවැති තරගයකදී ඇෆ්ගනිස්තානය හමුවේ කෙන්යානු පිල ලකුණු 56 කට දැවී යාමයි.

තරගයේ පළමු  ඕවරයේදීම නුවන් කුලසේකර විසින් ආරම්භක පිතිකරුවා දවාගන්නා ලද අතර දෙවැනි  ඕවරයේදී පිට පිට පන්දු දෙකකදී තවත් පිතිකරුවන් දෙදෙනකු දවාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. විදුලි ආලෝක පද්ධතියේ බිඳ වැටීමක් නිසා ආලෝක තත්ත්වය අඩුවීම හේතුවෙන් තරගය නතර නොකළා නම් ඇතැම් විට ඇන්ජලෝ මැතිව්ස්ට කඩුලූ ති‍්‍රත්වයක් ලබාගැනීමේ අවස්ථාවක්ද විය.

ඉනිමේ හත්වැනි  ඕවරය වන විටත් කණ්ඩායමෙන් අඩක් දැවී ගොස් සිටි අතර පසුපෙළ පිතිකරුවන් පස්දෙනාටම පිටියේ රැඳී සිටිය හැකි වූයේ තවත් පන්දු 22 ක් යවන තුරු පමණි. ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් නෙදර්ලන්ත පිලේ පසුපෙළ විනාශ කර දැමූහ.

පින්නෙන් ඇතිවිය හැකි බලපෑමෙන් මිදීමේ අදහස් පෙරදැරිව තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර පන්දු යවන්නන්ට එය කදිම තීරණයක් විය.

මෙම ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා + 3.225 ක ශූද්ධ ලකුණු වේගයක්ද සමගින් පළමු වැනි කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.


ලකුණු පුවරුව

තරගයේ තවත් උණුසුම් අවස්ථා....


අදහස් (12)

ලෝක වාර්තාවක් සමගින් ශී‍්‍ර ලංකාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.