Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලෝකේෂ්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ලෝකේෂ්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සති හතක දීර්ඝ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට උණ ගැනීම හේතුවෙන් ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමි වනු ඇතැයි වාර්තාවේ. පළමු ටෙස්ට් තරගයට සහභාගි වීම ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයක් ගාල්ල බලා ගියද ලෝකේෂ් රාහුල් වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණය යටතේ මේ වන විටත් කොළඹ පෞද්ගලික රෝහලක රැඳී සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ලෝකේෂ් රාහුල් ඉන්දියාවේ සිට පැමිණෙන විටත් තරමක අසනීප ගතියකින් පෙළෙමින් සිටි බවයි. ලෝකේෂ්ට ඇත්තේ වෛරස් උණ රෝගයක් බවත් එය නිව්මෝනියාව හෝ ඩෙංගු නොවන බවත් වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී තිබේ.
 
ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරීහු දෙදෙනෙක් අද දහවල් ලෝකේෂ් රාහුල්ගේ සුවදුක් බැලීම සඳහා රෝහලට ගියහ. එම නිලධාරීන්ගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ මීට සති දෙකකට පමණ පෙර ලෝකේෂ්ට උණ රෝගය වැළඳී තිබුණ බවත් සුව වීමෙන් පසුව ඉන්දීය පිලට එක්වූ නමුත් නියමිත ශාරිරික සුවතාව නොමැතිවීම නිසා ඔහුට නැවතත් එම රෝගය උත්සන්න වී ඇති බවත්ය.

ලෝකේෂ් රාහුල් මේ වන විට සුවය ලබමින්  සිටින බැවින් ඔහු හෙට (25 වැනිදා) ගාල්ල බලා යනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු ස්ථිර කළහ.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය නියෝජනය කරන මෙම ආරම්භක පිතිකරුවාට ඇතිවූ උරහිසේ ආබාධයක් හේතුවෙන්  පසුගිය අයි.පී.එල් තරගාවලිය මෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියත් අහිමි විය. නැවතත් ඉන්දීය පිලට එක්වූ ලෝකේෂ් කොළඹ සී.සී.සී පිටියේදී පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට එරෙහිව පන්දු 58 කින් ලකුණු 54 ක් ලබාගත්තේය.

 


අදහස් (0)

ලෝකේෂ්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.