Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ගාල්ල රිච්මන්ඞ් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තෝරාගෙන තිබේ. ඒ අනුව ජූනි මස 20 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සම්මාන උළෙලේදී ඔහුට එම සම්මානය ප්‍රදානය කිරීමට නියමිතය.
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට අමතරව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු රකින්නා යන සම්මාන දෙක සඳහාද කමිඳු මෙන්ඩිස් තෝරාගෙන තිබේ. ඒ අනුව මෙවර සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයක් සඳහා තේරුණ එකම ක්‍රීඩකයා බවටද ඔහු පත්ව සිටියි.
මොරටුව වේල්ස් කුමර විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක සවිඳු පීරිස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශූරතාව දිනාගෙන ඇති අතර සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය සඳහාද ඔහු තේරී තිබේ.
ඉකුත් වසරේ (2017) පැවැති වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය උළෙලේදී දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත් හරීන් බුද්ධිල මෙවරත් එම සම්මානය දිනාගෙන තිබේ.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වසරේ දක්ෂතම කණ්ඩායම ලෙස තෝරාගෙන තිබෙන අතර එම කණ්ඩායමේ නායක ඩෙලන් පීරිස් වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන ලැබීමට නියමිතය. දක්ෂතම කඩුලු රකින්නා සම්මානය සඳහා තෝරාගෙන ඇත්තේ එම විදුහලේම සිතාර හපුහින්නයි.
මෙවර සම්මාන උළෙලේදී විශේෂ සම්මාන 5 ක් පිරිනැමෙන අතර සීමිත ඕවර තරගවලදී වේගවත්ම ශතය සහ අර්ධ ශතකය, වේගයෙන්ම ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා, වැඩිම පූර්ණ ජයග්‍රහණය සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් එම සම්මාන පිරිනැමීමට නියමිතය.
සම්මාන පිරිනැමීම සඳහා ක්‍රීඩකයන් තෝරාගත් කමිටුවේ සභාපතිවරයා ලෙස ජයන්ත සෙනෙවිරත්න මහතා කටයුතු කළේය. බ්‍රෙන්ඩන් කුරුප්පු, කාල්ටන් බර්නාඩස්, ඕබි්‍ර කුරුප්පු, උපුල් සුමතිපාල සහ ලක්ෂ්මන් රණසිංහ යන මහත්වරු එම කමිටුවේ ස්වාධීන නිලධාරීහු ලෙස කටයුතු කළහ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ පාසල් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නිලධාරීන්ද මෙම තේරීම කමිටුවට ඇතුළත් වූහ.
ඔෂාර පණ්ඩිතරත්න (සභාපති), ඩිල්ෂාන් ද සිල්වා (ලේකම්), ජගත් සේනාරත්න (උප සභාපති), කපිල ජයලත් (උප සභාපති), නිහාල් ප්‍රනාන්දු (භාණ්ඩාගාරික) සහ කමල් ඉන්ද්‍රජිත් (තරගාවලි ලේකම්) යන මහත්වරු පාසල් ක්‍රිකට් සංගමය වෙනුවෙන්ද, දමින්ද කුරේ (උප සභාපති), හර්ෂ පීරිස් (උප සභාපති), රෝහිත කොට්ටච්චි (මහලේකම්), තසීම් ජුන්කීර් (ව්‍යාපෘති ලේකම්), රෝහණ චන්ද්‍රකාන්ත (සහකාර ලේකම්) සහ නිෂාන්ත දිසානායක (විධායක කමිටු නිලධාරී) යන මහත්වරු පාසල් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වෙනුවෙන් තේරීම් කටයුතු සඳහා එක් වූහ.
ඩයලොග් සන්නිවේදන සමාගම, සන්ඬේ ටයිම්ස් පුවත්පත සමග එක්ව මෙම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගය සංවිධානය කරයි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා
ශූරතාව - කමිඳු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - සවිඳු පීරිස් (මොරටුව වේල්ස්කුමර විදුහල)
දක්ෂතම පිතිකරු
ශූරතාව - කමිඳු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - රේවන් කෙලී (මරදාන ශාන්ත ජෝෂප් විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - හරීන් බුද්ධිල (ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල)
අනුශූරතාව - සවිඳු පීරිස් (මොරටුව වේල්ස්කුමර විදුහල)
දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව - කමිඳු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - සචින්ත රවිඳු (මරදාන ශාන්ත ජෝෂප් විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - සවිඳු පීරිස් (මොරටුව වේල්ස්කුමර විදුහල)
අනුශූරතාව - ඩෙලන් පීරිස් (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
දක්ෂතම කඩුලු රකින්නා
ශූරතාව - සිතාර හපුහින්න (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
අනුශූරතාව - ටිරෝන් බාස්කරන් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
අනුශූරතාව - ගාල්ල මහින්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල
දක්‍ෂතම නායකයා
ශූරතාව - ඩෙලන් පීරිස් (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා
ශූරතාව - රවීන් යසස් (රත්ගම දේවපතිරාජ විදුහල)
අනුශූරතාව - රන්දීර රණසිංහ (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)
දක්ෂතම පිතිකරු
ශූරතාව - රවීන් යසස් (රත්ගම දේවපතිරාජ විදුහල)
අනුශූරතාව - රන්දීර රණසිංහ (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - රොහාන් සංජය (කළුතර තිස්ස මැදි විදුහල)
අනුශූරතාව - චතුර ජයනාත් (දෙබරවැව මධ්‍ය මහ විදුහල)
දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව - තාමාශන් අබේකෝන් (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල)
අනුශූරතාව - ඉෂාර මධුවන්ත (කරන්දෙණිය මධ්‍ය මහ විදුහල)
දක්ෂතම කඩුලු රකින්නා
ශූරතාව - උමේෂ් කුරේරා (මීගමුව ශාන්ත පීතර විදුහල)
අනුශූරතාව - සොහාන් ද ලිවේරා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - පැතුම් මධුෂංක (රත්ගම දේවපතිරාජ විදුහල)
අනුශූරතාව - රන්දීර රණසිංහ (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)
දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - කළුතර තිස්ස මැදි විදුහල
අනුශූරතාව - මහනුවර ශාන්ත අන්තෝනි විදුහල
දක්ෂතම නැගී එන කණ්ඩායම්
බස්නාහිර පළාත් ශූරතාව - පානදුර ශ්‍රී සුමංගල විදුහල
දකුණු පළාත් ශූරතාව - අම්බලන්ගොඩ දේවානන්ද විදුහල
මධ්‍යම පළාත් ශූරතාව - මහනුවර විද්‍යාර්ථ විදුහල
ඌව පළාත - බණ්ඩාරවෙල මැදි විදුහල
වයඹ පළාත් ශූරතාව - කුරුණෑගල ශාන්ත ආනා විදුහල
උතුරු පළාත් ශූරතාව - යාපනය ශාන්ත ජෝන් විදුහල
සබරගමු පළාත් ශූරතාව - තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහ විදුහල
බාලිකා පාසල් කාණ්ඩය
හොඳම කණ්ඩායම
ශූරතාව - රත්ගම දේවපතිරාජ විදුහල
අනු ශූරතාව - නුගේගොඩ අනුලා විදුහල
දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව
ශූරතාව - කවිෂ්කා දිල්හාරි (රත්ගම දේවපතිරාජ විදුහල)
ඩයලොග් 4G විශේෂ සම්මාන
■ සීමිත ඕවර තරගවලදී වේගවත්ම අර්ධ ශතකය - රේවන් කේලි (මරදාන ශාන්ත ජෝෂප් විදුහල)
■ සීමිත ඕවර තරගවලදී වේගවත්ම ශතකය - හසිත බෝයගොඩ (මහනුවර ත්‍රිත්ව විදුහල)
■ වේගයෙන්ම ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා - රේවන් කේලි (මරදාන ශාන්ත ජෝෂප් විදුහල)
■ වැඩිම පූර්ණ ජයග්‍රහණ සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම - ගාල්ල රිච්මන්ඞ් විදුහල
■ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් - හසිත බෝයගොඩ (මහනුවර ත්‍රිත්ව විදුහල)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.