Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි20 තරගාවලියේදී ගේල් විවේක ගන්වයි

විස්සයි20 තරගාවලියේදී ගේල් විවේක ගන්වයි

ශනුක අරවින්ද - 2018 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 40 ක් සහ දෙවැනි තරගයේදී ලකුණු 29 ක් ලබාගත් ගේල්, තෙවැනි තරගයේදී වේගවත් ලකුණු 73 ක් ලබා ගැනීමට සමත් විය.  
ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සඳහා කඩුලු රකින ක්‍රීඩක චැඞ්වික් වෝල්ටන් සහ වමතින් වේග පන්දු

යවන ක්‍රීඩක ශෙල්ඩන් කොටි්‍රල් කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයට කැඳවනු ලැබූ කොටි්‍රල් එහිදී ලකුණු 59 කට එක් කඩුල්ලක් දවාගත්තේය.  

කොටි්‍රල් සහ වෝල්ටන් කැනඩාවේදී අවසන් වූ ගෝලීය විස්සයි20 ක්‍රිකට් තරගාවලියටද සහභාගි වූ අතර ශෙල්ඩන් කොටි්‍රල් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්විය.  

දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියේ ස්ථානය අහිමි වූ මාලන් සැමුවෙල්ද, නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටීම නිසා විස්සයි 20 සංචිතයට කැඳවා සිටියි.

කොදෙව් විස්සයි20 සංචිතය
කාලෝස් බ්‍රැත්වේට් (නායක), සැමුවෙල් බද්‍රි, ශෙල්ඩන් කොටි්‍රල්, ඇන්ඩි්‍ර ෆ්ලෙචර්, එවින් ලුවිස්, ඈෂ්ලි නර්ස්, කීමෝ පෝල්, රෝමන් පවෙල්, ඩිනේෂ් රැම්ඩින්, ඔන්ඩි්‍ර රසල්, මාලන් සැමුවෙල්, චැඞ්වික් වෝලටන් සහ කෙස්රික් විලියම්ස්

-024

 


අදහස් (0)

විස්සයි20 තරගාවලියේදී ගේල් විවේක ගන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.