Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ගෙනයෑමේ අරමුණින් රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය හත්වැනි වරටත් හෙට (23) සිට මෙම මස 29 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. රටවල් හයක් නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම් හයක් මෙවර තරගාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වී ඇත.
මූලික වටයේ තරග 23 වැනිදා සිට 27 වැනිදා දක්වා එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. කඩයිම් තරගය මෙම මස 28 වැනිදා එන්.සී.සී ක්‍රීඩාගණයේදීත් අවසන් මහා තරගය මෙම මස 29 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙරට විශ්ව විද්‍යාල අතර පැවැති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශූරතාවය දිනාගනිමින් මෙවර විශ්ව විද්‍යාල ලෝක ශූරතාවලිය සදහා සුදුසුකම් ලබාගැනීමට ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම සමත්විය. පසුගිය වසරේ පැවැති විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අනුශූරයින් බවට පත්වූයේද ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායමයි.
මෙම කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගාවලිය සදහා නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, අමිල අපෝන්සූ වැනි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක්ද ක්‍රිඩාකරන බැවින් අනෙක් කණ්ඩායම් වලට එය අභියෝගයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය යන රටවල් නියෝජනය කරමින් මෙවර විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය සදහා කණ්ඩායම් තරග වදිති. පසුගිය වසර තුනකදී (2014-2015-2017) ලෝක ශූරතාවලිය තෙවරක් ජයගැනීමට දකුණු අප්‍රිකාවේ පෙටෝරියා විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්වී ඇත. ඉන්දියාවේ රිස්වි විශ්ව විද්‍යාලය 2012 වසරේදී පළමු වරට පැවැති ආසියා කුසලාන ජයග්‍රහණ කළේය. 2013 වසරේදී ඉන්දියාවේ ඬේවි විශ්ව විද්‍යාලයත් 2016 වසරේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය දිනාගැනීමට සමත්ව තිබේ.
දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියා කණ්ඩායම් වලට තරගාවලිය සඳහා ආරාධනා කර තිබුණද ඔවුන්ගේ දේශිය ක්‍රිකට් තරගාවලි ආරම්භවී තිබීම හේතුවෙන් මෙවර විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියට සහභාගී විය නොහැකි බව දන්වා ඇතැයි බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා පැවසීය.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ රෙඞ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩා අධ්‍යක්ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා තරගාවලිය පිළිබද මෙසේ අදහස් දැක්වීය.
“වසරක් පාසා අප මෙම තරඟාවලිය සංවිධානය කරනවා. වසරින් වසර තරගාවලියේ ප්‍රමිතිය උසස් වෙනවා. මේ වසරේදීත් ඉතා හොඳ තරගාවලියක් අපට දැක බලාගත හැකි වනු ඇති බව මට විශ්වාසයි”
“ශ්‍රී ලංකාවේ තරුණ සරසවි ක්‍රීඩකයින්ට මෙය මහඟු අවස්ථාවක් වන්නේ තරුණ ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ඉස්මතු කොට ඔවුන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සමත් තරගාවලියක් දේශීය ක්‍රිකට් පිටිය තුළ නොමැති නිසායි. ඔවුන්ගේ තරුණ ජවය ජාත්‍යන්තර මට්ටමේ තියුණු තරගකාරී රටාවකට ගෙන ඒමට ඉඩකඩ ලැබුණේ කැම්පස් ක්‍රිකට් ලෝක කුසලාන තුලින්” යැයි ද බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා වැඩිදුරටත් පැවසීය.
තරුණ ක්‍රීඩකයින් රැසක් පාසල් අධ්‍යාපනය හමාර කිරීමත් එක්ක ක්‍රීඩාවටද සමුදෙනවා. වයස අවුරුදු 18-23 ත් අතර ක්‍රිකට් තරගාවලි සහ ක්‍රීඩකයින්ට අවස්ථාවන් අවම වීම මීට ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රීඩක මෙන්ම හිටපු අයි.සී.සී. තරග තීරකවරයකු වූ රොෂාන් මහනාම මහතා මෙහිදී පැවසීය.
“කැම්පස් ක්‍රිකට් වසර 6 ක් තිස්සේ පවත්වා ගෙන එනවා. මෙය අප විසින් අත දිය යුතු ප්‍රවේශයක් වශයෙන් මා දකින්නේ. වයස අවුරුදු 18-23 ත් අතර බොහෝ ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයින් අපට අහිමිවීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා”
“ ඔවුන් උදෙසා පිළිගත් තරගාවලියක් අප සතුව නෑ. එකී වසය් කාණ්ඩ සඳහා තරගාවලි අපි ඉවත් කරල තිබෙනවා. මෙම බොහෝ ක්‍රීඩකයින්ට වෘත්තීමය තෝරා ගැනීමකට යායුතු වෙනවා. එමෙන්ම ඔවුන්ගේ වැඩිහිටියන් මෙම තීරණය සඳහා බලපෑම් කරනවා. ඇතැම් විට ක්‍රිකට් ක්‍රීඩාව නතරකර වෙනත් වෘත්තීමය ධාරාවක ඇතුළුවීම පහසුවිය හැකියි. එබැවින් අපට මේ තරුණ ක්‍රීඩකයින්ව දිරිමත් කළ හැකිවේ නම් ඔවුන්ව තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ රඳවාගත හැකි යැයි ද” මහනාම මහතා වැඩිදුරටත් පැවසීය.
මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර සියලුම කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් 5 සමගින් තරග කළ යුතුය. එහිදි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම කෙලින්ම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනියි. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම දෙක අතර පැවැත්වෙන කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනී.
මෙම වසරේදීත් සුවිශේෂීවූ ජවාත්මක පන්දු වාරයක් හදුන්වා දී තිබේ. එහිදි පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඒ ඒ කණ්ඩායමට අධිවේගී ඕවර හය අවසානයේදී ඕනෑම අවස්ථාවක ලබාගත හැකි අතර ජවාත්මක පන්දු වාරයේදී ලබාගන්නා සෑම ලකුණක්ම දෙගුණ වන අතර දැවී යන සෑම කඩුල්ලක් සදහාම අනෙක් කණ්ඩායමට ලකුණු 5 ක් හිමිවනු ඇත.
ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම
කොෂාන් ධනුෂ්ක (නායක), නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, අමිල අපෝන්සූ, මලිඳු මදුරංග, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, ජනිත් ලියනගේ, දිනුක් වික්‍රමණායක, ඩෙවින් පත්මනාදන්, රනිත ලියනාරච්චී, සුපේෂල ජයතිලක, චාමික කරුණාරත්න, මදුශාන් රවිචන්ද්‍රකුමාර්, ප්‍රමෝද් මදුෂාන් සහ මිෂේන් සිල්වා
පසුගිය වසරවලදී ජයගත් කණ්ඩායම්
■ 2012 - රිස්වි විශ්ව විද්‍යාලය, ඉන්දියාව (ශ්‍රී ලංකාවේදී - මෙම තරගය තුන්කොන් තරගයකි)
■ 2013 - ඬේවි විශ්ව විද්‍යාලය, ඉන්දියාව (ශ්‍රී ලංකාවේදී)
■ 2014 - පෙටෝරියා විශ්ව විද්‍යාලය, දකුණු අප්‍රිකාව (එංගලන්තයේදී)
■ 2015 - පෙටෝරියා විශ්ව විද්‍යාලය, දකුණු අප්‍රිකාව (ඉන්දියාවේදි)
■ 2016 - ව්‍යාපාර කළමණාකරන පාසල, ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකාවේදී)
■ 2017 - පෙටෝරියා විශ්ව විද්‍යාලය, දකුණු අප්‍රිකාව (ශ්‍රී ලංකාවේදී)
2018 ලෝක ශූරතාවලියේ අවසාන තරගාවලියට තරග වදින කණ්ඩායම්
■ ශ්‍රී ලංකාව - ව්‍යාපාර කළමණාකරන පාසල
■ බංග්ලාදේශය - ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය
■ ඉන්දියාව - පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය
■ පාකිස්තානය - කරච්චී විශ්ව විද්‍යාලය
■ එක්සත් අරාබී එමීර් රාජ්‍යය - ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය
■ සිම්බාබ්වේ - විද්‍යව පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.