Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඞ්බුල් ආයතනය සංවිධානය කළ විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. අනුශූරතාව ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට හිමිවිය.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම සමත්විය.
රනිත ලියනාරච්චි |
කාසියේ වාසිය දිනූ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට ආරාධනා කළේය. එහිදි ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 211 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
මුර්තාසා ශබීර් සහ යෂ් නාහාර් අර්ධ ශතක රැස්කරමින් ඉන්දීය ලකුණු පුවරුව 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. මුර්තාසා ශබීර් පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කළ අතර යෂ් නාහාර් පන්දු 45 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීමට සමත්විය. අවසන් ඕවර කිහිපයේදී ඉන්දීය කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකරමින් වේගවත් පිතිහරඹයක නිරතවූ දිව්‍යාංග් හිංගේකාර් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කිරීමට සමත්විය.
යෂ් නාහාර් සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 81 කදී ලකුණු 117 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මුර්තාසා ශබීර් තෙවැනි කඩුල්ල සඳහා දිව්‍යාංග් හිංගේකාර් සමගින් එක්ව පන්දු 30 කදී තවත් ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
ජනිත් ලියනගේ විසින් යවන ලද ජවාත්මක ඕවරයේ පළමු පන්දුවේදී දිව්‍යාංග් හිංගේකාර් ලබාදුන් උඩපන්දුව ප්‍රමෝද් මදුශාන් අතින් ගිලිහීයාම හේතුවෙන් ඉන් නිසි ඵල නෙලාගත් ඉන්දීය පිතිකරුවෝ 19 වැනි ඕවරය අවසානයේ ලකුණු 42 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්වූහ.
ජනිත් ලියනගේ සහ ඩෙවින් පද්මනාදන් කඩුල්ල බැගින් ලබාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම විසිවැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
ආරම්භයේ සිටම අවශ්‍ය ලකුණු වේගය රඳවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූ අතර එහිදි අවසන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් දිනෙත් තිමෝද්‍යය අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 34 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට තිමෝද්‍යය සමත්විය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය රනිත ලියනාරච්චි පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 26 ක් රැස්කළ අතර නායක කොෂාන් ධනුෂ්ක පන්දු 10 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් රැස්කිරීමට සමත්විය.
දිව්‍යාංග් හිංගේකාර් යවන ලද ජවාත්මක ඕවරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 26 ක් පමණි. එහිදි රනිත ලියනාරච්චි විසින් ලබාදුන් උඩපන්දුව ඉන්දීය පන්දු රකින්නකු අතින් ගිලිහීයාමේ වාසිය අවසන් ඕවරයේදී ශ්‍රී ලංකාවට හිමිවිය.
රොහාන් ඩම්ලේ සිය ඕවර 4 ලකුණු 30 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.
ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 211
(මුර්තාසා ශබීර් නොදැවී 76, යෂ් නාහාර් 58, දිව්‍යාංග් හිංගේකාර් නොදැවී 46)
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 212
(දිනෙත් තිමෝද්‍ය 54, හෂාන් දුමිඳු 28, සුපේෂල ජයතිලක 29, රනිත ලියනාරච්චි නොදැවී 26, කොෂාන් ධනුෂ්ක 21, රොහාන් ඩම්ලේ 30/4)
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.