Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විලියම්සන් - නිකලස් නවසීලන්තය ඉදිරියට ගෙනයති

විලියම්සන් - නිකලස් නවසීලන්තය ඉදිරියට ගෙනයති

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සිවුවැනි දිනය (6 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී 272 ක් ලබා සිටියේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 198 ක් ඉදිරියෙන් සිටියි.

සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නායක කේන් විලියම්සන් ලකුණු 139 ක්ද, හෙන්රි නිලකස් ලකුණු 90 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 212 කි. විලියම්සන්ගේ 19 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර නිකලස්ගේ 9 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය.

තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී (6 වැනිදා) සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 246 ක් එක්කර ගත්හ. එහිදී පාකිස්තාන කණ්ඩායමට දවාගත හැකි වූයේ කඩුලු 2 ක් පමණි.

ඊයේ පස්වරුවේදී රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි විලියම් සමර්විල් ලකුණු 4 ක් ලබා සිටියදී, අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ බිලාල් අසීෆ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හතරේ පහර 4 ක් සමගින් රොස් ටේලර් ලබා සිටියේ ලකුණු 22 ක් පමණි.

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(ජීත් රාවල් 45, කේන් විලියම්සන් 89, බී.ජේ. වොට්ලින් නොදැවී 77, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 20, බිලාල් අසීෆ් 65/5, යසීර් ෂා 75/3)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 348  
(අසාර් අලී 134, හාරිස් සොහෝල් 34, අසාද් ෂෆීක් 104, සර්ෆරාස් අහමඞ් 25, විලියම් සමර්විල් 75/4, ටේ‍රන්ට් බෝල්ට් 66/2, අජාස් පටේල් 100/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 272
(කේන් විලියම්සන් නොදැවී 139, රොස් ටේලර් 22, හෙන්රි නිකලස් නොදැවී 90, ශහීන් අෆ්රිඩි 55/2, යසීර් ෂා 107/2)

-036


අදහස් (0)

විලියම්සන් - නිකලස් නවසීලන්තය ඉදිරියට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.