Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිටම පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව වාර්ෂික ප්‍රධාන යාවත්කාලීන කිරීමත් සමගම දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
බංග්ලාදේශයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ ඉන්දියාව දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානයට පැමිණ සිටියි.
ශ්‍රී ලංකාව 2012 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී පරාජයට පත්වූ නමුත් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය රැකගත් අතර මෙවර අවසන් මහ තරගයට පරාජය වූ ඉන්දියාව පළමු ස්ථානයට පැමිණියේය.
ඉන්දියාව පසුගිය මාස 12 ක කාලය තුළ විස්සයි:20 තරගයකින් පරාජයට පත්ව ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පමණි. එහෙත් මෙම කාලය තුළ ශ්‍රී ලංකාව විස්සයි20 තරග 4 ක් පරාජයට පත්ව තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග දෙකක්, පාකිස්තානයට එරෙහිව තරගයක් සහ ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයද ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය විය.
වාර්ෂික ප්‍රධාන යාවත්කාලීන කිරීමේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ස්ථාන දෙකක් පහළට තල්ලූ වී ඇති අතර ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.
මෙම යාවත්කාලීන කිරීමට 2013 - 2014 කාලසීමාවේ තරග ප්රතිඵලවල බලපෑම 100% ක්ම ලැබී ඇති අතර 2011-2012 සහ 2012-2013 ප්‍රතිඵලයන්හි බලපෑම 50% ක්ද ලැබී තිබේ. 2011 අගෝස්තු මස 1 වැනිදාට පෙර පැවැති තරග ප්‍රතිඵල ඉවත් කර තිබේ.
විස්සයි20 ශ්‍රේණිගත කිරීම
ස්ථා. | රට | ප්‍ර.ල |
1 | ඉන්දියාව | 131 |
2 | ශ්‍රී ලංකාව | 130 |
3 | පාකිස්තානය | 123 |
4 | දකුණු අප්‍රිකාව | 121 |
5 | ඕස්ටේ්රලියාව | 112 |
6 | නවසීලන්තය | 110 |
7 | බ.ඉ.කො. | 110 |
8 | එංගලන්තය | 97 |
9 | අයර්ලන්තය | 87 |
10 | බංග්ලාදේශය | 72 |
11 | නෙදර්ලන්තය | 68 |
12 | ඇෆ්ගනිස්තානය | 62 |
13 | සිම්බාබ්වේ | 52 |
14 | ස්කොට්ලන්තය | 51 |
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.