Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි20 තරගාවලියේ ජය ඉන්දියාවට

විස්සයි20 තරගාවලියේ ජය ඉන්දියාවට

Nisanka Sandeepani - 2017 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජස්ප්‍රීට් බුම්රාගේ පන්දු යැවීම හමුවේ නවසීලන්තයට එරෙහිව තිරුවානන්තපුරම්හිදී ඊයේ (07 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 6 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. එම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 68 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 8 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 61 ක් පමණි. 
ලකුණු 67 ක් ආරක්ෂා කරගනිමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිකරදුන් ජස්ප්‍රීට් බුම්රා ඕවර 2 ක් යවමින් ලකුණු 9 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූ අතර කඩුලු ලබාගැනීමට අවස්ථාවන් හිමිනොවූවද යුස්වේන්ද්‍ර චහල් සිය ඕවර 2 ලකුණු 8 කට සීමා කිරීමට සමත්විය.

කොලින් ඩි’ග්‍රැන්ඩොම් පන්දු 10 කදී හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 17 ක් රැස්කරමින් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර එක් කණ්ඩායමකට ඕවර 8 කට තරගය සීමාවිය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීම සදහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඕවර 8 අවසානයේ කඩුලු 5 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 67 ක් පමණි.

මනිෂ් පාන්ඬේ පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. 

ටිම් සෝතී සහ ඉෂ් සෝධී කඩුලු 2 ක බැගින් දවාගැනීමට සමත්වූහ.

 

ඉන්දියාව - ඕවර 8 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 67
(මනිෂ් පාන්ඬේ 17, ටිම් සෝතී 13/2, ඉෂ් සෝධී 23/2)

නවසීලන්තය - ඕවර 8 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 61
(කොලින් ඩි’ග්‍රැන්ඩොම් නොදැවී 17, ජස්ප්‍රීට් බුම්රා 09/2)


අදහස් (0)

විස්සයි20 තරගාවලියේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.