Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි20 තරගාවලියටද මාලිංග ඇතුළත් නොවූ අතර ඉන්දියාවට එරෙහිව මෙරටදී පැවැති විස්සයි20 තරගය ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරගය විය.
මේ දිනවල ඉන්දියාව එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න පමණක් විස්සයි20 සංචිතයට ඇතුළත්ව නොමැති අතර ඔවුන් වෙනුවට දසුක් ශානක සහ විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ.
පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා, මෙම තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සධීර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ විශ්ව ප්‍රනාන්දු
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.