Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 කණ්ඩායම් අතර පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 126 ක් ලබා සිටින නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියි. විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවූ නවසීලන්තය, එහි පෙරමුණට පැමිණියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමත් සමගිනි.
නවසීලන්තය විස්සයි20 කිරීම්හි ශ්‍රේණිගත පෙරමුණට පැමිණිමත් සමග එතෙක් එහි පෙරමුණ ගෙන සිටි පාකිස්තානය දෙවැනි ස්ථානය දක්වා ඇද වැටී ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව තෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 දී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 223 ක් රැස්කළ කොලින් මුන්රෝ, ප්‍රසාද ලකුණු 793 ක් ලබා විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ තිබේ. එම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානයේ පසු වූ මුන්රෝ එහි පෙරමුණට පැමිණීමත් සමග එතෙක් පෙරමණේ පසු වූ විරාට් කෝලිට තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබේ.
ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් ප්‍රසාල ලකුණු 784 ක් ලබා විස්සයි20 පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි ප්‍රසාල ලකුණු 776 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවේ.
කොදෙව් තරගාවලිය ආරම්භ වීමට පෙර විස්සයි20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයේ පසු වූ නවසීලන්ත දඟ පන්දුයවන ක්‍රීඩක ඉෂ් සෝධි, එම තරගාවලිය නිමා වීමත් සමග ප්‍රසාද ලකුණු 726 ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ සිටියි.
සෝධිගේ පැමිණීමත් සමග එතෙක් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටි ජස්ප්‍රීට් බුම්රා ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. පාකිස්තාන දඟ පන්දුයවන ක්‍රීඩක ක්‍රීඩක ඉමාඞ් වසීම් ප්‍රසාද ලකුණු 719 ක් ලබා විස්සයි20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්තානයේ රෂීඞ් ඛාන් ප්‍රසාද ලකුණු 717 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.