Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වර්ෂාව හේතුවෙන් පළමු දිනය අතහැර දමයි

වර්ෂාව හේතුවෙන් පළමු දිනය අතහැර දමයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද (18) ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි සිවුදින තරග වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ ක‍්‍රීඩා කිරීමට නොහැකි විය.

කණ්ඩායම් දෙකම පෙරවරුවේ ක‍්‍රීඩාංගණයට පැමිණිය ද කාසියේ වාසිය උරගා බැලීමෙන් තොරව පෙරවරු 11.30 ට පමණ නැවත පිටත්ව ගියේය.

මාතර ප‍්‍රදේශයට අද පෙරවරුවේ සහ ඊයේ (17) රාත‍්‍රී වර්ෂාව ඇද හැලූණි. ඒ හේතුවෙන් ක‍්‍රීඩාංගණයේ හතරේ සීමාව ඇතුළත සහ හතරේ සීමාවෙන් පිටත ජලය පිරී තිබූ ආකාරය දැකගත හැකි විය.   

වාර්ෂාව නතර වීමෙන් පසුව පෙරවරු 10.30 ට පමණ විනිසුරුවන්ගේ අධීක්‍ෂණයෙන් ක‍්‍රීඩාංගණ සේවකයෝ ආවරණ ඉවත් කළ ද නැවතත් වර්ෂාව ඇද හැළීමෙන් පළමු දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.

මාතර නගරගෙයන් පිටත ප‍්‍රදේශයේ සුඵ ජල ගැලීම් තත්ත්වයක් පැවැති බව ද වාර්තා විය.

ක‍්‍රීඩාංගණයේ කළමණාකරු සුනිල් මොහොට්ටි මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මාතරට මාසයක පමණ කාලය සිට වැස්ස ලැබෙන බවත් තරගය පැවැත්වීමට නම් අනිවාර්යෙන්ම වැස්ස නතර විය යුතු බවත්ය.

”සාමාන්‍යයෙන් මේ ක‍්‍රීඩාංගණය කොච්චර වැස්සත් වතුර බැහැලා යනවා. දැන් මාසයක සිට වහින නිසා පොළවට වතුර උරලා තියෙන්නේ, ඒ නිසා වතුර බහින්නේ නෑ. තරගය ආරම්භ කරන්නන නම් වැස්ස නතර විය යුතුම තත්ත්වයකට පත්ව තිබෙනවා”

ක‍්‍රීඩාංගණයේ හතරේ සීමාවෙන් ඇතුළත තිබෙන විශාල වතුර වල් පිළිබදව කළ විමසුමකදී මොහොට්ටි මහතා මෙසේ පැවසීය.

”වසර දෙකකට පමණ පෙර යුද හමුදා ප‍්‍රදර්ශනයක් මෙහි පැවැත්වුණා. එහිදී ක‍්‍රීඩාංගණයේ වාහන පවා ධාවනය කළා, ඒ නිසා වෙන්න  ඕනේ මේ වල් ඇති වුණේ”

සූරියවැව තරගයට සහභාගි වූ කොදෙව් ‘ඒ’ පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩක නීකිතා මිලර් ඉන්දීය සංචාරයට එකතු වීම නිසා 25 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක ඉන්කුම බොනර් සංචිතයට එකතු වී සිටියි.

මෙම තරගයේ විනිසුරුවන් ලෙස ප‍්‍රගීත් රඹුක්වැල්ල, ප‍්‍රදීප් උඩවත්ත සහ දීපාල් ගුණවර්ධන කටයුතු කරන අතර තරග තීරකවරයා ලෙස බ්‍රෙන්ඩන් ලැබ්රෝයි මහතා කටයුතු කරයි.

 හෙට (19) තරගයේ දෙවැනි දිනය වන අතර පෙරවරු 9.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතය.
 

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (0)

වර්ෂාව හේතුවෙන් පළමු දිනය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.