Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (10 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 211 කට සීමා කිරීමට නීල් වැග්නර් සහ ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 38 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 173 ක් පසුපසින් සිටියේය. දිනය නිමාවන විට නායක කේන් විලියම්සන් ලකුණු 10 ක්ද, රොස් ටේලර් ලකුණු 19 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
නවසීලන්ත ඉනිමේ බිඳවැටුණ කඩුලු 2 ටම හිමිකම් කීමට අබු ජයේද් සමත් වූ අතර ජීත් රාවල් ලකුණු 3 ක් ලබා සිටියදී සෞම්‍ය සාකර් අතටද, ටොම් ලේතම් ලකුණු 4 ක් ලබා සිටියදී ලිටන් දාස් අතටද උඩ පන්දු දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට නීල් වැග්නර්ගේ සහ ට්‍රෙන්ට් බෝල්ට්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 211 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ වැග්නර් ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත් අතර බංග්ලාදේශ පළමු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් බෝල්ට් ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ටමීම් ඉක්බාල් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 74 ක් රැස්කළේය. පළමු කඩුල්ල වෙනුවෙන් ශද්මන් ඉස්ලාම් (27) සමග එක්ව ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉක්බාල්, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් මොමිනුල් හක් (15) සමග එක්ව ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 211
(ටමීම් ඉක්බාල් 74, ශද්මන් ඉස්ලාම් 27, මොමිනුල් හක් 15, සෞම්‍ය සාකර් 20, ලිටන් දාස් 33, නීල් වැග්නර් 28/4, ටේරන්ට් බෝල්ට් 38/3)
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 38
(කේන් විලියම්සන් නොදැවී 10, රොස් ටේලර් නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.