Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වැටුප් දීමට පෙර කලිසම් ගලවාගනී

වැටුප් දීමට පෙර කලිසම් ගලවාගනී

Nisanka Sandeepani - 2017 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දීමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති.

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ තරග පැවති කාල සිමාවේදී ක්‍රිඩාංගණයේ සේවය සදහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බදවාගෙන තිබේ. ඔවුන් සදහා රුපියල් 1000 දෛනික දිමනාවක් ලබා දි තිබේ. මේ සදහා ප්‍රදේශයේ තරුණයන් 100 ක් පමණ බඳවාගෙන තිබු අතර ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය බවට පත් වුයේ ක්‍රිඩාංගණයේ වැසි ආවරණය යෙදීමයි.

කෙසේ හෝ ශ්‍රි ලංකාව සිම්බාබ්බේ සමග පැවති තරගාවලිය ඊයේ (10) දින නිමා විමෙන් පසු එහි සේවය කළ කම්කරුවන්ගේ තමන්ගේ දෛණික වැටුප් ලබා ගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ වැටුප් ලබා ගැනීමට පෙර ක්‍රිකට් ලාංජනය සහිත ඇඳ සිටින කලිසම ආපසු දෙන ලෙසයි. හදිසියේම මුහුණදීමට සිදුවූ මෙම තත්වයත් සමගින් එහි සේවය කළ කම්කරුවන් දැඩි අසරණ තත්වයකට හා අපහසුතාවයකට පත් වුයේ ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇදගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කම්කරුවවෝ මෙසේ පැවසූහ.

අපි දෛණිකව රුපියල් 1000ක දිමනාවකට තමයි මෙහි සේවයට ගත්තේ. මන් අදට දින 06 ක් මෙහි වැඩ කලා. අද වැටුප් ලබා ගන්න ගියාම කියනවා වැටුප් ගන්න නම් ඇඳගෙන ඉන්න කලිසම ගලවා දෙන්න කියලා. අඩුම තරමේ මේ අයට අපිට ඒ පිළිබදව වේලාසනින් දැනුම් දෙන්න තිබුණා. එහෙම වුනානම් අපි වෙන කලිසමක් වත් අරගෙන එනවා. කලිසම දෙන්නේ නැතිනම් වැටුප් නොදෙන නිසා ඇද සිටි කලිසම් ගලවා දිලා යට ඇඳුම පිටින් ගිහින් වැටුප් අරගෙන ආවා. දැන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ. ටිකක් රෑ වෙනකම් ඉදලා හෙමින් සැරේ ගෙදර යනවා යැයි පැවසිය.

මෙම තත්ත්වය එහි සිටි කාගේත් දැඩි අප්‍රසාදයට කාරුණක් විය.

බොහෝ අය පැවසුවේ කම්කරුවන් දින 06ක් තිස්සේ ඇද සිටි කලිසම් ගලවාගෙන ක්‍රිකට් ආයතනය කරන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිළි නැති බවයි. කෙසේ වෙතත් කම්කරුවන් ඇද සිටි කලිසම් ගලවා දීමෙන් පසු පිරිසක් යට ඇදුම් පිටින්ම ගිය අතර තව පිරිසක් තමන් ඇදි සිටි බැනියම ඇඳගෙන නිවෙස් වෙත යනු දැකගත හැකි වීය.

මේ සම්බන්ධයෙන් අපි කල විමසිමකදී සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයේ කටයුතු කරන නිළධාරයෙකු පැවසුවේ තමන් වෙත ක්‍රිකට් ආයතනයෙන් දැන් වු පරිද කටයුතු කළා පමණක් බවයි.

 


අදහස් (0)

වැටුප් දීමට පෙර කලිසම් ගලවාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.