Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ඬේවිඞ් වෝනර් නැවතත් ජාතික කණ්ඩායමට එකතු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔහුගේ කණ්ඩායම් සගයින් පැවසූ දේ කිසිම අකාරයේ බලපෑමක් ඇති නොකරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් මහතා කියයි.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ එම අපකීර්තිමත් උපායේ නිර්මාතෘවරයා අන් කවරකු හෝ නොව ඬේවිඞ් වෝනර් බවයි. ඕස්ට්‍රේලියානු පිලේ හිටපු ක්‍රීඩකයන් විසින් මෙම ප්‍රකාශ අර්ථගන්වා ඇත්තේ ‘ඬේවිඞ් වෝනර් නැවතත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට පැමිණීමේ ගමන අවහිර කරන අන්දමේ කතා’ වශයෙනි.
එය එසේ වුවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ වෝනර් නැවතත් ඕස්ට්‍රේලියානු පිලට එක්වීම සම්බන්ධයෙන් ස්මිත් සහ බැන්ක්‍රොෆ්ට් දෙදෙනාගේ ප්‍රකාශ කිසිම ආකාරයේ බලපෑමක් ඇති නොකරන බවයි.
“ඒවායින් වෝනර්ට කිසියම් අපහසුතාවක් ඇතිවෙනවාද කියා මා නම් දන්නේ නෑ. ඒත් අපේ අරමුණ වෙන්නේ ඬේව් සමගින් ඉදිරියටත් කටයුතු කිරීමයි. කණ්ඩායමට නැවත එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ සැලැස්ම ගැන මා දවස් තුනකට ඉහතදීත් ඔහු සමග කතා කළා” යයි ද රොබට්ස් මහතා පවසා තිබේ.
“අපි බලන්න ඕනෑ ක්‍රීඩකයන් සමග ඉදිරියට යන ආකාරය ගැන මිසක් අතීතයේදී සිදුවූ දේවල් ගැන නොවේ” යයිද හෙතෙම පැවසීය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලොක්කා වැඩිදුරටත් කියන්නේ ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දෙදෙනා මාධ්‍ය නියෝජිතයන් සමග කළ සාකච්ඡා කාලයට නොගැලපෙන බවයි. එමගින් මෙල්බර්න්හිදී පැවැත්වෙන ටෙස්ට් තරගය කෙරෙහි තිබිය යුතු අවධානය වෙනතක ඇදී ගිය බවද ඔහු කියයි. අනෙක් අතට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණ වලදී හෙළදරව් වූ කරුණු සමග සංසන්දනය කිරීමේදී ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දෙදෙනා අලුතෙන් යමක් හෙළිදරව් නොකළ බවද රොබට්ස් මහතා කියයි.
“මේ අපකීර්තිමත් උපායේ නිර්මාතෘ තමන් බව වෝනර් පිළිගත්තා වගේම එහි වගකීමත් බාරගත්තා” යයිද රොබට්ස් මහතා පැවසීය.
“නුඹලාට මුදල් ගෙවන්නේ සෙල්ලම් කරනවාට නෙමේ. දිනනවාටයි.....ඒත් අපගේ කොන්දේසි විරහිත අපේක්‍ෂාව වෙන්නේ ගෞරවනීයව තරග වැදීමයි” යනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන ජේම්ස් සදර්ලන්ඞ් සහ උසස් දස්කම් ආයතනයේ ලොක්කා වූ පැට් හොවාඞ් තමන්ට කී බවද ස්ටීවන් ස්මිත් කියා තිබුණේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.