Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශර්මා - කෝලි ඉන්දීය පිලේ ජය ඉක්මන් කරති

ශර්මා - කෝලි ඉන්දීය පිලේ ජය ඉක්මන් කරති

Nisanka Sandeepani - 2018 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ශර්මාගේ (නොදැවී 152) සහ විරාට් කෝලිගේ (140) වාර්තාගත සම්බන්ධතාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගුවහාටිහිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 42.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියේය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ශිකර් ධවාන් ලකුණු 4 කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 192 කදී ලකුණු 246 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගු ශර්මා සහ කෝලි ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

පන්දු 117 කට මුහුණදුන් ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා හයේ පහර 8 ක් සහ හතරේ පහර 15 ක් සමග සිය 20 එක්දින ශතකය ලබාගත් අතර නායක විරාට් කෝලි සිය 36 වැනි එක්දින ශතකය ලබාගත්තේ පන්දු 107 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 21 ක් සමගිනි. ඔවුන් දෙදෙනා එක්දින තරගයකදී ලකුණු 200 ට වැඩි සම්බන්ධතාවක් පැවැත්වූ 5 වැනි අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක්විය. 

දේවේන්ද්‍ර බිෂෝගේ පන්දුවක් හමුවේ ශායි හෝප්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් කෝලිගේ දැවී ගිය අතර ඉන් අනතුරුව ශර්මා සමග එක්වූ අම්බටි රයිඩු (22), තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 26 කදී වාර්තා වූ රයිඩුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 78 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 106 ක් රැස්කළේය. එය ඔහුගේ තෙවැනි එක්දින ශතකය විය. 

කොදෙව් කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදුන් කිරන් පවෙල් පන්දු 39 කදී ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. දේවේන්ද්‍ර බිෂෝ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද, කේමර් රෝච් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 

ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ යුස්වේන්ද්‍ර චාහල් සිය ඕවර 10 ලකුණු 41 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර මොහොමඞ් සාමි සහ රවින්ද්‍ර ජදේජා කඩුලු 2 බැගින් දවාගනිමින් චාහල්ට අනගි සහායක් දුන්හ. 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 322 
(කිරන් පවෙල් 51, ශායි හෝප් 32, ශිම්රන් හැට්මෙයර් 106, රෝමන් පවෙල් 22, ජේසන් හෝල්ඩර් 38, දේවේන්ද්‍ර බිෂෝ නොදැවී 22, කේමර් රෝච් නොදැවී 26, යුස්වේන්ද්‍ර චාහල් 41/3, රවින්ද්‍ර ජදේජා 66/2, මොහොමඞ් සාමි 81/2) 

ඉන්දීය පිල - ඕවර 42.1 කදී කඩුලු 2 කට 326 
(රෝහිත් ශර්මා නොදැවී 152, විරාට් කෝලි 140, අම්බටි රයිඩු නොදැවී 22) 

-036  

 


අදහස් (0)

ශර්මා - කෝලි ඉන්දීය පිලේ ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.