Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශර්මාගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

ශර්මාගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

ශනුක අරවින්ද - 2018 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලක්නව්හි අතල් බිහාරි වජ්බායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 71 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීයාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 124 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, කෘනාල් පාණ්ඩ්‍යා සහ කලීල් අහමඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩැරන් බ්‍රාවෝ පන්දු 18 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක් රැස්කළ අතර කීමෝ පෝල් පන්දු 21 කදී ලකුණු 20 ක් රැස්කළේ හයේ පහර 2 ක් සමගිනි. පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යාමටත් පෙර පිටියෙන් ඉවත්ව යෑම කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ ලකුණු 195 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ නායක රෝහිත් ශර්මා පන්දු 61 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 111 ක් රැස්කළේය.

ශිකර් ධවාන් (43) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශර්මා සමත් වූ අතර පන්දු 41 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් ලෝකේෂ් රාහුල් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කළේය.

ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 195
(රෝහිත් ශර්මා නොදැවී 111, ශිකර් ධවාන් 43, ලෝකේෂ් රාහුල් නොදැවී 26)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 124
(ශිම්රන් හැට්මෙයර් 15, ඩැරන් බ්‍රාවෝ 23, කීමෝ පෝල් 20, බුවනේෂ්වර් කුමාර් 12/2, ජස්ප්‍රීට් බුම්රා 20/2, කෘනාල් පාණ්ඩ්‍යා 30/2, කලීල් අහමඞ් 32/2)

-036

 


අදහස් (0)

ශර්මාගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.