Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මස 3 වැනිදා මැලේසියාවේදී ආරම්භවන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන පත්කර ඇත.
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායිකා චමරි අතපත්තු සහ අමා කාංචනාට ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. මේ හේතුවෙන් හිටපු නායිකාවක්වූ ශෂිකලා සිරිවර්ධන මෙම තරගාවලියේදී තාවකාලික නායිකාව ලෙස පත්කර තිබේ. චමරි අතපත්තු සහ අමා කාංචනාගේ පුරප්පාඩු සඳහා හිටපු නායිකාවක වූ ඉනෝකා රණවීර සහ හර්ෂිතා මාධවී කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන ඇත.
තරගාවලිය ජූනි මස 3 වැනිදා සිට ජූනි මස 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාම්පූර්හී ක්‍රීඩාංගණ දෙකකදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලියට ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය යන කණ්ඩායම් 6 සහභාගි වෙති.
ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් එක් කණ්ඩායම් සෙසු කණ්ඩායම්වලට එරෙහිව තරග වදින අතර ඒ අනුව සෑම කණ්ඩායමක්ම තරග 5 කට සහභාගි වීමට නියමිතය. එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ජූනී 10 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි 1 වැනිදා මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ලබන 3 වැනිදා ක්වාලාම්පූර්හිදී පැවැත්වේ.
එක්දින තරගාවලියක් ලෙස 2004 සිට 2008 දක්වා පැවැති ආසියානු කුසලාන (කාන්තා) තරගාවලිය 2012 වසරේ සිට විස්සයි20 තරගාවලියක් ලෙස වෙනස්විය. 2016 වසරේදී දෙවැනි වරටත් පැවැති තරගාවලිය තෙවැනි වරටත් මෙම වසරේදී පැවැත්වෙන අතර සියලුම තරගාවලි ජයගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
ශෂිකලා සිරිවර්ධන (නායිකා), හසිනි පෙරේරා, යශෝධා මෙන්ඩිස්, අනුෂ්කා සංජීවනී, රෙබෙකා වැන්ඩර්ට්, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරී, ඕෂදී රණසිංහ, නිපුනි හංසිකා, මල්ෂා ශෙහානී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, හර්ෂිතා මාධවී.
අතිරේක ක්‍රීඩිකාවෝ
ශ්‍රීපාලී වීරක්කොඩි, කවීශා දිල්හාරී, සත්‍යා සංදීපනී
ශ්‍රී ලංකා පිලේ තරග කාලසටහන
● ජූනි 03 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්වාලාම්පූර්හිදී
● ජූලි 04 - ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ක්වාලාම්පූර්හිදී
● ජූලි 06 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්වාලාම්පූර්හිදී
● ජූලි 07 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්වාලාම්පූර්හිදී
● ජූලි 09 - ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අතර ක්වාලාම්පූර්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.