Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශෂිකලා - රෙබෙකා ගඟට ඉනි කපති

ශෂිකලා - රෙබෙකා ගඟට ඉනි කපති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ස්ටැන්ෆෝඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 31 ක ජයක් හිමිකරගත් කොදෙව් ක්‍රීඩිකාවෝ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියද 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. ශෂිකලා සිරිවර්ධන (50) සහ රෙබේකා වැන්ඩොට් (50) අර්ධ ශතක ලබාගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ සිවුවැනි කඩුල්ල සඳහා ශෂිකලා සහ රෙබේකා එක්ව පන්දු 66 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. පන්දු පන්දු 44 කදී වාර්තා වූ ශෂිකලාගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු පන්දු 39 කදී වාර්තා වූ රෙබේකාගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණ කඩුලු 5 න් 4 කටම හිමිකම් කීමට හේලි මැතිව්ස් සමත් වූවාය. ඕවර 4 ක් යැවූ ඇය එහිදී ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ලබාදී තිබුණේ ලකුණු 18 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දෙනා දැවී ලකුණු 159 ක් රැස්කළේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඩිනේන්ද්‍රා ඩොටින් ශතකයක් ලබාගැනීමට සමත් වු අතර පන්දු 67 කදී වාර්තා වූ ඇගේ වේගවත් ශතකයට හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 9 ක්ව තිබියදී පළමු කඩුල්ල බිඳවැටුණ අතර හේලි මැතිව්ස් (34) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩොටින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.

කොදෙව් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරය වෙත හරයා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ අමා කාංචනා ලකුණු 24 කට 2 ක් දවාගත්තාය.


බ.ඉ. කොදෙව් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 159
(හේලි මැතිව්ස් 34, ඩීන්ඩ්‍රා ඩොටින් 112, අමා කාංචනා 24/2)

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 128
(ශෂිකලා සිරිවර්ධන 50, රෙබේකා වැන්ඩොට් 50, හේලි මැතිව්ස් 18/4)

 


- 036


අදහස් (0)

ශෂිකලා - රෙබෙකා ගඟට ඉනි කපති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.