Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (23) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල පැවැති පළමු තරගයෙන් ලකුණු 180 ක ජයක් ලබමින් 1.0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල් ඊයේ (22) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේ මෙම තරගය අභියෝගයක් විය හැකි බවත් එහෙත් සාමාන්‍ය විදියට සිතා ක‍්‍රීඩා කළ හොත් ජයග‍්‍රහණය කෙරෙහි ශ්‍රී ලංකාවට බලාපොරොත්තුව තැබිය හැකි බවත්ය.
‘‘පළමු තරගයේදී දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවා. නමුත් අපේ පිතිකරුවන් හොදින් පන්දුවට පහරදිම නිසා ලකුණු 320 ක් රැස්කිරීමට හැකි වුණා. උපුල් තරංග, තිරිමාන්න, තිසර සහ මා ඇතුළු තරුණ ක‍්‍රීඩකයන්ට මේ වන විට ජෙහාන් මුබරක් ද එක්ව සිටිනවා. ඒ නිසා අපේ කණ්ඩායම ශක්තිමත් තත්ත්වයක සිටිනවා’’
‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑ. ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවා. ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බාරගත යුතුයි’’
චන්දිමාල් වැඩි දුරටත් පැවසුවේ අද පස්වරුවේ තණතීරුව පරීක්‍ෂා කර අවසන් 11 දෙනා තීරණය කරන බවත් කාලගුණය පිළිබඳව අවධානය යොමු කර කාසියේ වාසිය පිළිබඳව නිගමනයකට පැමිණෙන බවත්ය.
දකුණු අප‍්‍රිකානු පිලේ නායක ඒ. බී. ඩිවිලියස් පැවසුවේ තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරගය තමන් පරාජය වුවත් ඉදිරි තරග හතර කෙරෙහි සිය කණ්ඩායම වඩාත් විශ්වාසයකින් පසු වන බවත්ය.
‘‘පළමු තරගයේදී අපේ කණ්ඩායම වෙතින් පන්දු රැකීමේ දුර්වලතා රැුසක් සිදුවුණා. ඒ වැරදි හදාගෙන ක‍්‍රීඩා කළ හොත් අපිට ජයග‍්‍රහණය දක්වා යන්න පුළුවන්’’
දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු හෂීම් අම්ලාගේ ආබාධය පිළිබඳව කළ විමසුමකදී ඩිවිලියස් මෙසේ පැවසීය.
‘‘අම්ලා මේ වන විට 100% ක් සුවය ලබා සිටිනවා. රාත‍්‍රි පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡුාවෙන් පසුව ඔහු තරගයට සහභාගි කිරීම ගැන අවසන් තීරණයක් ගන්නවා’’
කණ්ඩායම් දෙකම ඊයේ (22) පෙරවරුවේ පුහුණු සැසිවලට සහභාගි වූ අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති දකුණු අප‍්‍රිකානු පිලේ පුහුණු සැසිය අතරතුරදී පිටියට විටින් විට වාර්ෂාව ඇද හැලූණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.