Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලියේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති දෙවැනි තරගයෙන් එංගලන්ත පිල කඩුලු හයක ජයක් ලැබීය.
එංගලන්ත ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස ජය ලැබූහ.
එංගලන්ත පිල ලකුණු 188 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 33.3 කදී කඩුලු හතරක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ආරම්භක පිතිකාරී අමි ජෝන්ස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 කදී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වූවාය.
පිට දඟ පන්දු යවන ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 45 කට කඩුලු තුනක් දවාගත්තාය.
හර්ෂිතා මාධවී පන්දු 46 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 42 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.
හර්ෂිතා මාධවී (42) සහ හංසිමා කරුණාරත්න (28) පස්වැනි කඩුල්ලට ලකුණු 72 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල සතුටුදායක තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.