Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය සම කරති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය සම කරති

Nisanka Sandeepani - 2018 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති දෙවැනි කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ජයක් අත්කර ගැනිමට ශ්‍රී ලංකාව සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 73 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 14.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 29 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළ රෙබේකා වැන්ඩොට් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය. 

පළමු තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකාරිණි අනුෂ්කා සංජීවනී, පන්දු 27 කදී හතරේ පහරක් සමග ලකුණු 20 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩි තාලමක් දැමුවාය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 72 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ශෂිකලා සිරිවර්ධන  ලකුණු 9 කට කඩුලු 4 ක් බිඳහෙළමින් සිය ක්‍රීඩා දිවියේ හොඳම විස්සයි20 පන්දු යැවීම ප්‍රදර්ශනය කළාය. 

පාකිස්තාන ඉනිමේ 8 වැනි ඕවරය යැවීම සඳහා කැඳවුම් ලැබූ ශෂිකලා, එම ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවලදී ආරම්භක පිතිකාරිණී නයිඩා ඛාන් (5) සහ නායිකා බිස්මා මරූෆ් (20) පිටියෙන් ඉවත් කළ අතර ඉන් පසුව යැවූ ඕවරයේ දෙවැනි පන්දුවේදී ජවේරියා ඛාන් (3) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමටද සමත් වූවාය. පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ලටද හිමිකම් කී ශෂිකලා, එහිදී ගුලාම් ෆාතිමාගේ කඩුල්ල බිඳ දැමුවේ ඇය ලකුණු ලබාගැනීමටත් පෙරාතුවය. 

පාකිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ශෂිකලාට අනගි සහායක් දුන් සුගන්දිකා කුමාරි, 17 වැනි ඕවරයේ පිට පිටම යැවූ පන්දු දෙකකදී සානා මීර් (13) සහ නෂ්රා සන්ධු (0) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූවාය. එහිදී සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කිරීමටද සුගන්දිකා සමත් වූවාය. 

ඕෂදී රණසිංහ සහ උදේශිකා ප්‍රබෝදිනී එක් කඩුල්ල බැගින් දවාගනිමින්ද, හසිනි පෙරේරා සහ අනුෂ්කා සංජීවනී දුවද්දී දවාගැනිම් වලට දායක වෙමින්ද පාකිස්තාන පිතිකාරිණියන් පීඩනයට පත්කළහ.

 

 

1 6  16 20

 

ජායාරූප - ශාන්ත රත්නායක

තරගයේ විශේෂ අවස්ථා 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.