Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (3 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 64 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 14.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකාරිණියන් වූ යසෝදා මෙන්ඩිස් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක්ද, නිපුනි හංසිකා හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පමා කරමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඛදීජා තුල්කුබ්‍රා, කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු ලකුණු 13 කට සීමා කරමිනි. නිපුනි හංසිකා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් ඛදීජා, ඉන් නොනැවතී හසිනි පෙරේරාගේ කඩුල්ල බිඳ දැමුවාය. යසෝදා මෙන්ඩිස් දැවී ගියේ ඛදීජාගේ පන්දුවක් හමුවේ ෆාතිමා ඛාතුන් අතට උඩ පන්දුවක් දෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.3 ක් අවසානයේ ලකුණු 63 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී ලකුණු 10 සීමාව ඉක්මවා රැස්කිරීමට හැකි වූයේ බංග්ලාදේශ පිතිකාරිණියන් තිදෙනකුට පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සුගන්දිකා කුමාරි, සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තාය. උදේෂිකා ප්‍රබෝධනී, ඕෂදී රණසිංහ සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සුගන්දිකාට අනගි සහයක් දුන්හ.
බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 63
(අයාෂා රෙහෙමාන් 11, සුගන්දිකා කුමාරි 17/3, උදේෂිකා ප්‍රබෝධනී 6/2, ඕෂදී රණසිංහ 10/2, ඉනෝකා රණවීර 15/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 14.3 කදී කඩුලු 4 ක් දැවී 64
(යසෝදා මෙන්ඩිස් 20, නිපුනි හංසිකා 23, ඛදීජා තුල්කුබ්‍රා 13/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.