Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිළ නොවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 194 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
දෙවැනි දිනය වූ අද (27 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 10 ලබා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට වඩා තවත් ලකුණු 210 ඉදිරියෙන් සිටියේය. දෙවැනි දිනය අවසානයේ නායක ටොනි ඩි’සෝසි ලකුණු 4 ක්ද, කගිසෝ රපුලානා ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේදී බිඳ වැටුණ එකම කඩුල්ල බවට පත්වෙමින් ආරම්භක පිතිකරු රයන් රිකෙල්ටන්, ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් ගියේ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් අද දිනයේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 194 ක් පමණි. නැන්ඩි්‍ර බර්ගර්, ලුතෝ සිපම්ලා, ඒතන් බොස්ච්, ජුනේඞ් ඬේවුඞ් සහ ඔන්කේ න්‍යාකු කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී දක්ෂ පිතිහරඹයක නිරත වූ සම්මු අශාන් (51) සහ චාමික කරුණාරත්න (61) ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 84 කට මුහුණදුන් සම්මු හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 96 කදී වාර්තා වූ චාමිකගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.
පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා තවත් ලකුණු 76 ක් එක්කර ගත්තේය. කඩුලු 9 ක් දැවී ලකුණු 394 ක් ලබාගැනීමෙන් අනතුරුව පළමු ඉනිම අත්හිටවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ.
එහිදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 126 කට කඩුලු 6 ක් බිඳහෙළුවේ ඕවර 43 ක් යවමිනි.
දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 394
(රයන් රිකෙල්ටන් 63, ටෝනී ඩි’සෝසි 77, කගිසෝ රපුලානා 38, මැතිව් බි්‍රට්ස්කේ 73, ශෙපාන්ග් ඩිතෝලේ 43, ඒතන් බොස්ච් 55, ජුනේඞ් ඬේවුඞ් 31, මාලින්ද පුෂ්පකුමාර 126/6)
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම - සියලු දෙනා දැවී 194
(ප්‍රභාත් නිස්සංක 16, චරිත් අසලංක 18, සම්මු අෂාන් 51, චාමික කරුණාරත්න 61, මාලින්ද පුෂ්පකුමාර 17, ජුනේඞ් ඬේවුඞ් 23/2, ඒතන් බොස්ච් 28/2, ලුතෝ සිපම්ලා, 32/2, ඔන්කේ න්‍යාකු 41/2, නැන්ඩි්‍ර බර්ගර් 42/2)
දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම - දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 10
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.