Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පිල අසීරු ගමනක

ශ්‍රී ලංකා පිල අසීරු ගමනක

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම මේ යයි කදිමට විද්‍යමාන කරමින් සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටේස්ට් තරගයේ දෙවැනි දිනය වන අද ලකුණු 274 කට කඩුලු 7 ක් අහිමි කරගත්හ.

සිම්බාබ්වේ පිල සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 356 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 293 ක් රැස්කරගෙන සිටියේය.

සිම්බාබ්වේ - පළමු ඉනිම 
හැමිල්ටන් මසකඩ්සා  - ඇ.මෙන්ඩිස් ප.හේරත් 19
රෙගිස් චකබ්වා - ප.හේරත් 12
තරිසායි මුසකන්ඩා - ඇ.දික්වැල්ල ප.ළහිරු කුමාර 6
ක්‍රෙග් අර්වින්  - ඇ.ඩිල්රුවන් ප.ළහිරු කුමාර 160
ෂෝන් විලියම්ස්  - ඇ.ගුණරත්න ප.ඩිල්රුවන් 22
සිකන්දර් රාසා  - ක.මු.කළා ප.හේරත් 36
පීටර් මුවර් - ඇ.කුමාර ප.ගුණරත්න 19
මැල්කම් වොලර් - ප.හේරත් 36
ග්‍රේම් ක්‍රීමර්  - ප.ගුණරත්න  13
ඩොනල්ඩ් ටිරිපානෝ - ඇ.කරුණාරත්න ප.හේරත් 27
ක්‍රිස් මොෆූ - නොදැවී  0
අතිරේක (ව-1 , නිප-5) 6
එකතුව ඕවර 90 කදී කඩුලු  8 ක් දැවී     356
කඩුලු වැටීම 
1-23(චකබ්වා), 2-38(මසකඩ්සා), 3-38(මුසකන්ඩා), 4-70(විලියම්ස්). 5-154(රාසා), 6-195(මුවර්). 7-260(වොලර්), 8-282(ක්‍රීමර්), 9-356(ටිරිපානෝ), 10-356(අර්වින්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  14-1-58-0  
ළහිරු කුමාර 17.4-2-68-2  
රංගන හේරත් 32-4-116-5  
ඩිල්රුවන් පෙරේරා 24-0-86-1  
අසේල ගුණරත්න 7-0-28-2  
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න  - ඇ.මසකඩ්සා ප.ටිරිපානෝ 25
උපුල් තරංග - දුවද්දී දැවී ගියා 71
කුසල් මෙන්ඩිස්  - ඇ.චකබ්වා ප.ක්‍රීමර් 11
දිනේෂ් චන්දිමාල් - ඇ.චකබ්වා ප.ක්‍රීමර් 55
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.මසකඩ්සා ප.විලියම්ස් 41
නිරෝෂන් දික්වැල්ල  - ප.ක්‍රීමර්  6
ඩිල්රුවන් පෙරේරා - දුවද්දී දැවී ගියා  33
අසේල ගුණරත්න - නොදැවී  24
රංගන හේරත් - නොදැවී  5
අතිරේක (නි.ල - 8, පා.ල. - 10, නිප-3, ව.ප.-1) 22
එකතුව ඕවර 83 කදී කඩුලු 7 ක් දැවී 293
කඩුලු වැටීම 
1-84(කරුණාරත්න), 2-107(මෙන්ඩිස්), 3-116(තරංග). 4-212(චන්දිමාල්), 5-226(දික්වැල්ල), 6-238(මැතිව්ස්), 7-274(ඩිල්රුවන්)
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයෝ 
සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර
පන්දු යැවීම
ක්‍රිස් මොෆු 11-1-41-0  
ඩොනල්ඩ් ටිරිපානෝ 10-1-38-1  
සිකන්දර් රාසා 18-2-60-0  
ග්‍රේම් ක්‍රීමර් 30-3-100-3  
මැල්කම් වොලර් 1-0-02-0  
ෂෝන් විලියම්ස් 13-1-34-1  

තරගයේ තවත් දින තුනක් ඉතිරිව තිබියදී, සිවැවුනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවදානමටත් මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තවමත්  සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 63 ක් පසුපසින් සිටී. අසේල ගුණරත්න සහ රංගන හේරත් දෙදෙනා පිටියේ රැඳී සිටින නමුත් පාදයේ කලව පසුපස මස්පිඬුව ඉරීයාම නිසා අපහසුතාවට පත්ව සිටින ගුණරත්න පන්දුවට පහර දෙන්නේ තරමක් අසීරුවෙනි.

තරගයෙන් පසුව මාධ්‍යවේදීන් ඇමතූ රංගන හේරත් කියා සිටියේ කෙසේ හෝ උත්සාහ කර ලකුණු 350 සීමාවෙන් ඔබ්බට පැනගත යුතු බවයි.

දිවා ආහාරය සඳහා ක්‍රීඩාගාරයට පිවිසෙන විට කිසිවකු නොදැවී ලකුණු 77 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නොසිතූ අමාරුවක හෙළීමට සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර් සමත් වූයේය. විශිෂ්ට ගණයේ පා දඟ පන්දු දෙකකින් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දවාගත් සිම්බාබ්වේ නායකයා තවත් එවැනිම පන්දුවකින් නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම නිමා කළේය. මැතිව්ස් දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා පිලේ හයවැනි කඩුල්ලත් ලකුණු 238 දී ඇද වැටිණ.

අසේල ගුණරත්න එක් අන්තයක රඳවාගනිමින් ලකුණු රැස්කිරීමේ අභියෝගය බාරගත් ඩිල්රුවන් පෙරේරා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් එක්කර සිටියදී දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටුණේ මහත් අපරික්‍ෂාකාරී දිවයාමකිනි. පන්දුව එක්ස්ට්‍රා කවර්ස් කලාපයට තල්ලු කරමින් ලකුණක් කරා වේගයෙන් දිවගිය අසේල ගුණරත්න නිකමට හෝ තමන්ගේ සහායක පිතිකරුවා දෙස නොබැලීය. අසේල තමන් ආසන්නයටම එන තුරුත් කිසිවක් සිතාගත නොහැකිව සිටි ඩිල්රුවන්ට කඩුලු රකින්නාගේ අන්තය දෙසට දිවයාම හැර විකල්පයක් නොතිබිණ. එහෙත් තරීසායි මුසකණ්ඩා මෙන්ම කඩුලු රකින්නාත් ඩිල්රුවන්ට වඩා වේගවත් වූහ.

දිවා ආහාරයෙන් පසුව ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳ වැටුණ නමුත් සැබෑ ජ්‍යෙෂ්ඨයන් ලෙසින් කණ්ඩායම ගලවා ගැනීමේ බර කරට ගත් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ලකුණු 116 කට කඩුලු තුනක් අහිමි කරගැනීමෙන් පීඩනයට ලක්වූ නමුත් මෙම සම්බන්ධතාව හේතුවෙන් යම් තරමක අස්වැසිල්ලක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියේය.

තේ පානයෙන් පසුව සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ චන්දිමාල්ගේ ඉනිම නිමාවූයේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාවත් ලකුණු 96 දී අවසන් කරමිනි. ලකුණු 14 කට පසුව නිරෝෂන් දික්වැල්ල දැවී යාමත් පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටි අසේල ගුණරත්න වෙනුවට ඩිල්රුවන් පෙරේරා පිටියට පිවිසීමත් හේතුවෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටි පර්සි අබේසේකර මහතා ඇතුළු 150 කට ආසන්න ප්‍රේක්‍ෂක පිරිස මවිතයට පත්වූහ. තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් වෙතින් ගිළීහී යන්නට පටන්ගෙන තිබිණ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න (25) සහ උපුල් තරංග (71) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් එයින් නිසි ප්‍රයෝජන අත්කරගත නොහැකි විය. කුසල් මෙන්ඩිස්ට තවත් දිගු ඉනිමක් කරා යාමේ සියලු මං මාවත් විවර වී තිබිණ. පිතිකරුවන්ට පරාදීසයක් බඳු තණතීරුවක අහුළාගැනීමට ඇති තරම් ලකුණු තිබියදීත් මෙන්ඩිස් තරමක් නොසන්සුන්ව සිටියේය. ඒ අතරවාරයේදී මෙන්ඩිස්ගේ කඩුල්ල දවාගත් සිම්බාබ්වේ නායකයාගේ වාසනාව නිසාම ඔහුට මහත් හිසරදයක්ව සිටි උපුල් තරංගද පිටියෙන් ඉවත් විය.  

ඩොනල්ඞ් ටිරිපානෝගේ පන්දුවකට චන්දිමාල් ගැසූ වේගවත් පහරකින් ඇදී ගිය පන්දුව පන්දු යවන්නාගේ අතේ වැදී කඩුල්ලට කඩාවදින අවස්ථාවේදී තරංග තමාගේ සීමාවෙන් පිටත සිටියේය. ටෙස්ට් පිතිකරුවකුට අනුචිත ලෙසින් පන්දුව හඹාගොස් පහර දුන් තරංගට සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීම සඳහා ගතවූයේ විනාඩි 69 කි. විනාඩි 129 කට පසුව තරංග දැවී යන විට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.

 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

ශ්‍රී ලංකා පිල අසීරු ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.