Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පිල කොදෙව්හි සංචාරයක

ශ්‍රී ලංකා පිල කොදෙව්හි සංචාරයක

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත වීමට නියමිත බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

එම තරගාවලියේ පළමු තරගය ට්‍රිනිඩෑඞ්හිදීද, දෙවැන්න බාර්බඩෝස්හිදීද, තෙවැන්න ශාන්ත ලුසියාහිදීද පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිර ඉන්දීය දූපත් සමූහයේදී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියටකට සහභාගි වන පළමු වැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ටෙස්ට් තරග සංචාරයක නිරත වන සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර පැවැති තරගාවලි තුනේදී කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 6 ක් පැවැත්වී තිබේ. ඉන් එක් තරගයක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 ක් පරාජයට පත්වී තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.  


තරග කාල සටහන
පුහුණු තරගය - මැයි මස 30 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා ට්‍රිනිඩෑඞ්හිදී (බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය)
පළමු ටෙස්ට් තරගය - ජූනි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ට්‍රිනිඩෑඞ්හිදී (ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණය)
දෙවැනි ටෙස්ට් තරගය - ජූනි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බාර්බඩෝස්හිදී (කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණය)
තෙවැනි ටෙස්ට් තරගය - ජූනි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා ශාන්ත ලුසියාහිදී (ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණය)


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල කොදෙව්හි සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.