Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවත්වෙන පළමු යොවුන් ටෙසට් තරගය තෙවැනි දිනය (19 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටියේය.
![]() |
![]() |
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තවත් කඩුලු 7 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 168 ක් පසුපසින් සිටිති. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නිවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 4 ක් සමග ලකුණු 19 ක්ද, පසිඳු සූරියබණ්ඩාර හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිෂාන් මධුෂංක (104) හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ශතකයක් ලබාගත්තේය. නායක නිපුන් ධනංජය (20) සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මධුෂංක සමත් විය.
දෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 473 ක් ලබා සිටි ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 116 ක් එක්කර ගත්හ. ඊයේ දිනය නිමාවන කඩුල්ලේ රැදී සිටි අතර්වා තායිඬේ, හයේ පහර 4 ක් සහ හතරේ පහර 19 ක් සමග ලකුණු 185 ක් රැස්කරමින් අද දිනයේදී ඉන්දීය ඉනිම නිමාවන තෙක්ම නොදැවී සිටියේය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ කල්හාර සේනාරත්න ලකුණු 170 කට කඩුලු 6 ක් දවාගනිමින් ඉන්දීය පසු පෙළ සුනුවිසුණු කර දැමුවේය. අතර්වා තායිඬේ සහ අයුෂ් බදෝනි (82) අතර ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 199 කට සීමා කරනු ලැබුවේද සේනාරත්න විසිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.