Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් පිල ආසියානු කුසලානයට පිටත්වෙයි

ශ්‍රී ලංකා යොවුන් පිල ආසියානු කුසලානයට පිටත්වෙයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 29 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) රාත්‍රීයේදී පිටත්ව යෑමට නියමිතව ඇත.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජයට හිමිව තිබේ.

“ඉන්දියානූ සංචාරයෙන් පසුව ආසියානු කුසලාන සඳහා මාසයක පමණ කාලයක් පුහුණුවීම් කටයුතුවල නිරත වුනා. දැඩි කැපවීමෙන් යුතුව පුහුණුවීම වල නිරතවිම නිසා ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ මට්ටම ගෙන ඒමට හැකිවුනා. තම කණ්ඩායමට ආසියානු කුසලානය ශ්‍රී ලංකාව රැගෙන ඒමට පුලුවන් බව” ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවේදී නිපුන් ධනංජය පැවසීය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේදී ආගමික වතාවත් වලට එක්වූ අතර ඉන් පසුව සමූහ ඡායා රූපයටද පෙනී සිටියහ.

කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 8 ක් තරගාවලියට සහභාගීවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතව ඇත. ‘ඒ’ කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, නේපාලය සහ එක්සත් ආරබී එමීර් රාජ්‍යය තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරග වදිති.

මෙම මස 29 වැනිදා බංග්ලාදේශය සමගින් පළමු තරගයට සහභාගීවන ශ්‍රී ලංකාව 30 වැනිදා හොංකොං කණ්ඩායම සමගිනුත් ඔක්තෝබර් 2 වැනිදා පාකිස්තානය සමගින්ද තරග වැදීමට නියමිතව ඇත.

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන පස්වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ඇති ඉහළම ජයග්‍රහණය වන්නේ 2016 වසරේ පැවැති තරගාවලියේදී අනු ශූරතාව හිමිකර ගැනීමයි.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල) - නායක, පසිඳු සූරියබණ්ඩාර (කොළඹ රාජකීය විදුහල), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විදුහල), කමිල් මිෂාර (කොළඹ රාජකීය විදුහල), නිෂාන් මධුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), දුනිත් වෙල්ලාලගේ (ශාන්ත ජොෂප් විදුහල), ශසික දුල්ෂාන් (මාතර ශාන්ත සර්වේෂස් විදුහල), කල්හාර සේනාරත්න (කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල), රොෂාන් සංජය (කළුතර තිස්ස විදුහල), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩි විදුහල), කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විදුහල), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස්ටෙලා විදුහල) සහ සෙල්වරාසා මතුෂාන් (යාපනය මැදි විදුහල)
අතිරේක
ලක්ෂිත මදුරසිංහ (කොළඹ රාජකීය විදුහල), මුදිත ලක්ෂාන් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල), විජයකාන්ත වියස්කාන්ත් (යාපනය මැදි විදුහල), චිලාන් කලිඳු (මාතර ශාන්ත සර්වේෂස් විදුහල) සහ චාමික ගුණසේරක (කොළඹ ආනන්ද විදුහල)

තරග කාලසටහන

සැප්තැම්බර් 29 -

  • ඇෆ්ගනිස්තාය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය
  • ඉන්දියාව සහ නේපාලය
  • හොංකොං සහ පාකිස්තානය
  • බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව

සැප්තැම්බර් 30 -

  • ඉන්දියාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය
  • හොංකොං සහ ශ්‍රී ලංකාව

ඔක්තෝබර් 01 -

  • ඇෆ්ගනිස්තානය සහ නේපාලය
  • බංග්ලාදේශය සහ පාකිස්තානය

ඔක්තෝබර් 02 -

  • ඇෆ්ගනිස්තාය සහ ඉන්දියාව
  • නේපාලය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය
  • පාකිස්තානය ශ්‍රී ලංකාව
  • බංග්ලාදේශය සහ හොංකොං

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල ආසියානු කුසලානයට පිටත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.