Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදවයි

ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (29 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 37.5 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 94 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මුල් කඩුලු 3 ලකුණු 28 ක් තුළ බිඳ වැටී ඉතා අසීරු තත්වයකට පත්ව තිබූ ශ්‍රී ලංකා ඉනිම එම තත්වයෙන් මුදවාගත් නුවනිඳු, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර (35) සමග එක්ව පන්දු 152 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 92 කට මුහුණදුන් පසිඳුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 46.4 ක් අවසානයේ ලකුණු 141 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ටොව්හිද් රිඩෝයි පන්දු 63 කදී ලකුණු 35 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

ශෂික දුල්ෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ. නුවනිඳු ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර දුවද්දී දැවී යෑම් දෙකකට දායක වෙමින් බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනගි සහායක් දුන්හ.


බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 141
(ටැන්සිද් හසන් 24, ටොව්හිද් රිඩෝයි 35, ශමිම් හොසේන් 20, රෂීඞ් හොසේන් නොදැවී 18, ශෂික දුල්ෂාන් 11/2, දුනිත් වෙල්ලාලගේ 21/2,  කල්හාර සේනාරත්න 31/2)

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 37.4 කදී කඩුලු 4 ක් දැවී 144
(නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 64, පසිඳු සූරියබණ්ඩාර 36, ශොරිෆුල් ඉස්ලාම් 29/2)


- 036

 

 

අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.