Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17) මන්දාලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 244 ක් පසුපසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වනවිට පසුවෙයි.
නවෝද් පරණවිතාන ලකුණු 35 ක් සහ නිපුන් ධනංජය ලකුණු 5 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
නවෝද් පරණවිතාන සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කමිල් මිශාර ලකුණු 19 ක් රැස්කර සිටියදී තව්හිඞ් රිඩෝයීගේ පන්දුවක් කඩුල්ලලේ වැදීමෙන් දැවී ගියේය. පන්දු 58 කට මුහුණදුන් කමිල් මිශාරගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 309 ක් රැස්කිරීමට සමත්විය.
උදෑසන පැවැති වර්ෂාව හේතුවෙන් අද තරගය ආරම්භ කිරීම මිනිත්තු 180 ක පමණ කාලයක් ප්‍රමාදවූ අතර ඕවර 31 ක් අපතේ ගියේය.
වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් රැස්කර ප්‍රබල ස්ථානයක සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ඉතිරි කඩුලු 7 ලකුණු 100 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.
නායක තව්හිඞ් රිඩෝයී සහ අමිත් හසන් අර්ධ ශතක ලබාගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
තව්හිඞ් රිඩෝයී සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශමිම් පත්වරි අද දින යැවූ පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන් දවාගැනීමට අශේන් ඩැනියල් සමත්විය. කඩුලු රකින ක්‍රීඩක කමිල් මිශාර අතට උඩපන්දුවක් දෙමින් ශමිම් පත්වරි දැවී යනවිට පන්දු 66 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක රවීන් ද සිල්වා රැකගත් උඩපන්දුවත් සමගින් නායක තව්හිඞ් රිඩෝයීගේ ඉනිම ලකුණු 54 කට නිමාවිය. පන්දු 107 කට මුහුණදුන් තව්හිඞ් රිඩෝයීගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් අලංකාර විය.
ශහීම් අලාම් (1) සමගින් එක්ව අවසන් කඩුල්ල සඳහා ලකුණු 27 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අමිත් හසන් දැවීයන විට පන්දු 99 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය.
චමිඳු විජේසිංහ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4 ක් දවාගත් අතර අශේන් ඩැනියල්, රොහාන් සංජය සහ සඳුන් මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.