Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානය පරදවයි

ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානය පරදවයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී ඊයේ (11 වැනිදා) පැවැති වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ප්‍රවීන් ජයවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ ඕවර 33.5 ක් අවසානයේ රැස්කරගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අසමත් වෙද්දී, ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දර්විෂ් රසූලි පන්දු 44 කින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගත්තේ දර්විෂ් රසූලිගේ කඩුල්ලත් සමගිනි. ඇෆ්ගනිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජෙහාන් ඩැනියෙල් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත් අතර කෙවින් කොත්තිගොඩ ලකුණු 29 කට කඩුල්ලක් දවාගනිමින් දුවද්දී දවාගැනීම් 2 කට දායක විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හසිත බෝයගොඩ (53) සහ ධනංජය ලක්ෂාන් (24) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 84 කදී වාර්තා වූ බෝයගොඩගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුලත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ ලක්ෂාන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. 

ජෙහාන් ඩැනියෙල් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමගින් ලකුණු 19 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

 

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී 196 
(ධනංජය ලක්ෂාන් 24, හසිත බෝයගොඩ 53, ජෙහාන් ඩැනියෙල් 36, නිවනිඳු ප්‍රනාන්දු 19, ඊබ්‍රහිම් සද්රාන් 24/2, නවීන් උල් හක් 57/2) 

ඇෆ්ගනිස්තාන යොවුන් පිල - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 135 
(ඊබ්‍රහිම් සද්රාන් 27, දර්විෂ් රසූල් 50, ප්‍රවීන් ජයවික්‍රම 17/5, ජෙහාන් ඩැනියෙල් 20/2) 

-036


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.