Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානයට පරදී

ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානයට පරදී

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර වැන්ගරෙයිහිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 38 කට සීමා වූ අතර තරගය ජයගැනීම සඳහා එහිදී ඔවුන්ට ලකුණු 235 ක ඉලක්කයක් හිමිවිය. එහෙත් ඕවර 37.3 ක් අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ ඇෆ්ගනිස්තාන නායක නවීන් උල් හක් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර ශ්‍රී ලංතා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අස්මතුල්ලා සහ කුවායිස් අහමඞ් කඩුලු 2 බැගින් දවාගත්හ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෙහාන් ඩැනියෙල් පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 48 ක් රැස්කළ අතර අර්ධ ශතකය පෙනී පෙනී සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස නවීන් උල් හක්ගේ පන්දුවක් හමුවේ අස්මතුල්ලා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

ක්‍රිෂාන් ආරච්චිගේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 41 ක්ද, අෂේන් බණ්ඩාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද, නායක කමිඳු මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද රැස්කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම ඉනිම් ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඊබ්‍රහීම් සද්රාන් (86) සහ ඉක්‍රම් අලී ඛිල් (55) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 163 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 112 කදී වාර්තා වූ සද්රාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 89 කදී වාර්තා වූ ඉක්‍රම්ගේ අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය.

පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණ 63 ක් රැස්කළ ඩර්විෂ් රසූලි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ඒ සඳහා ඔවුට අනගි සහායක් දුන් නිසර් වාඩට් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක්ද, අස්මතුල්ලා හයේ පහරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 20 ක්ද රැස්කළහ.

 


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.