Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 210 ක් පමණි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී ලකුණු 128 ක් ලබාගත් නමුත් කණ්ඩායමේ සෙසු පිතිකරුවන් 10 දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 82 කි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ‘බිංදු’ පේලියකින් සමන්විත වූ අතර මුල් පෙළ පිතිකරුවෝ 8 දෙනාගෙන් හතර දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියහ. මැතිව්ස්ගේ ශතකය හැරෙන්නට පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ දිනේෂ් චන්දිමාල්ගේ පිත්තෙන් පැමිණි ලකුණු 26 යි.

පන්දු 177 කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 19 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම අලංකාරවත් කළ නමුත් ඔහුට අන් කිසිම පිතිකරුවකුගෙන් සහයෝගයක් නොලැබිණ.

ටෙස්ට් තරගය පෙනෙන තෙක් මානයේ තිබුණද ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුව නැවත වරක් සම්පූර්ණයෙන්ම අනා දමා තිබිණ. ළහිරු තිරිමාන්නව ආරම්භක පිතිකරුවා කරමින් කිසියම් අත්හදා බැලීමකට ලක්කර තිබූ නමුත් එංගලන්තයට එරෙහි පැවැති තරගාවලියේදී අංක 3 පිතිකරුවා ලෙසින් සාර්ථක මෙහෙවරක් කළ ධනංජය ද සිල්වා නැවත වරක් අංක 6 ස්ථානයට ඇද දමා තිබිණ. රොෂේන් සිල්වා අංක 8 ස්ථානයේ ක්‍රීඩා කළේ මෙම තරගය පළමු පෙළ තරගයක් නොවන, පුහුණු තරගයක් වූ බැවිනි.

මෙවන් පුහුණු තරග වලදී පන්දු යවන ක්‍රීඩකයකු හෝ දෙදෙනකු වෙනුවට වෙනත් ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව ලැබේ. පන්දු රැකීමේදී පන්දුවට පහර දුන් ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට පන්දු යවන්නන් යොදාගත හැකි නමුත් එක අවස්ථාවකදී පිටියේ රැඳී සිටිය හැක්කේ ක්‍රීඩකයන් 11 දෙනකුට පමණි.

පන්දුවට පහර නොදුන් නමුත් කසුන් රාජිත, දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමට පැමිණ සිටියහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.