Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්

Nisanka Sandeepani - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (16 වැනිදා) අවසන්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට දිනය අවසන් වනවිට කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 86 ක් පමණි.

ජේම්ස් මැකලම් ලකුණු 45 ක් සහ ලෝකන් ටකර් ලකුණු 22 ක් රැස්කරමින් දිනය අවසන් වනවිට කඩුල්ලේ රැඳී සිටියහ. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉනිම අත්හිටු වනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 468 ක් රැස්කර සිටියේය. ඒ අනුව අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 263 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

තේ පානය සඳහා තරගය නතර කරනවිට ලකුණු 89 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි චාමික කරුණාරත්න ශතකය ලබාගන්නා තෙක් ඉනිම අත්හිටුවීම පමාකළ ශ්‍රී ලංකා ‘ඒ’ නායකයා ඔහු ශතකය ලබාගත් සැනින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

වේගවත් පිතිහරඹයක නිරතවූ චාමික කරුණාරත්න පන්දු 106 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කළ අතර පළමු පෙළ තරගයකදී ඔහු ලබාගත් පළමු ශතකය ලෙසද වාර්තා විය.

අද උදෑසන ආරම්භවූ තරගය දිවා ආහාරයට නතර කරන තෙක් කාළය තුල කඩුලු 2 ක් දැවී ලකුණු 135 ක් රැස්කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුළ එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 142 ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පළමු පෙළ දෙවැනි ද්විත්ව ශතකය පන්දු 262 කදී ලබාගත් පැතුම් නිස්සංක දැවීයන විට ලකුණු 217 ක් රැස්කර සිටියේය. පන්දු 274 කට මුහුණදුන් පැතුම් නිස්සංක හතරේ පහර 28 කින් සිය ඉනිම අලංකාර කළ අතර ජොනතන් ගාත්ගේ පන්දුවක් හමුවේ නීල් රොක් හට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

හත්වැනි කඩුල්ල සඳහා චාමික කරුණාරත්න සමගින් එක්ව ලකුණු 102 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද පැතුම් නිස්සංක සමත්විය.

ලකුණු 139 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 154 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව පසුකර යෑමට සමත්වූහ.

පැතුම්ට අනගි සහයක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 106 කදී ලකුණු 53 ක් ලබාගත් අතර හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට අයත්විය.

දිවා ආහාරයකට තවත් එක් ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 14 ක් රැස්කර සිටි සම්මු අශාන් පන්දු යැවූ මාක් ඇඩයර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

තෙවැනි දිනය වූ ඊයේ සවස තරගය අවසන් කරනවිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 180 ක් රැස්කර සිටියේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.