Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ දෙවැනි දිනය වූ අද (26) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 248 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල කොදෙව් පිලට වඩා තවත් ලකුණු 34 ක් පිටුපසින් සිටියි.
දෙවැනි දිනය අවසන් වන විට දිනේෂ් චන්දිමාල් (නොදැවී 43) සහ චතුරංග ද සිල්වා (නොදැවී 24) පන්දුවට පහර දෙමින් සිටියහ.
දිනේෂ් චන්දිමාල් කඩුලූ වැටීම හේතුවෙන් සිය සාමාන්‍ය පන්දුවට පහර දීමේ රටාවෙන් මිදී දුර්වල පන්දු තෝරාගනිමින් පන්දුවට පහර දුන්නේය. චන්දිමාල් ලකුණු 43 රැස්කිරීමට පන්දු 99 කට පහර දුන් අතර ඉන් හතරක් පමණක් හතරේ සීමාව පසු කර හැරීයේය.
නායක උපුල් තරංග පන්දු 120 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියදී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
කුසල් පෙරේරා පන්දු 48 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38 කට දැවී යෑමත් සමග දිවා විවේකය සදහා තරගය නතර කළේය.
පළමු දිනය වූ ඊයේ (25) පස්වරුවේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පළමු ඉනිම ලකුණු 282 කට සීමා කිරීමට නුවන් ප‍්‍රදීප් සමත් විය.
කොදෙව් පිලේ ඉතිරිව තිබූ කඩුලූ හතරම දවා ගැනීමට වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් පෙරේදා පෙරවරුවේ සමත් විය.
පළමු දිනයේ තේ පානයෙන් පසුව දැඩි වර්ෂාව ඇද හැළීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය.
ආරම්භක පිතිකරු අසාද් ෆුඩින් පන්දු 187 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 103 ක් ලබා සිටියදී හයවැනි කඩුල්ල ලෙස තේ පානයෙන් පසුව දැවී ගියේය.
යොවුන් පිට දග පන්දු යවන ක‍්‍රීඩක තරිදු කෞෂාල් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 94 කට කඩුලූ 5 ක් දවා ගනිමින් පළමු දිනයේ වීරයා බවට පත්විය.
ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (75) සහ අසාද් ෆුඩින් ලකුණු 137 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වුව ද, ලකුණු 41 ක් තුළ කඩුලූ 5 ක් බිද වැටීමෙන් ඉනිම අඩපණ විය.
කොදෙව් ‘ඒ’ පිලේ නායක කාලෝස් බ‍්‍රැත්වයිට් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සහ පා දග පන්දු යවන චතුරංග ද සිල්වා මෙම තරගයේදී ක‍්‍රීඩා කරති.
මෙම තරගයේදී කොදෙව් පිලට ජොනතන් කාටර්, සුනිල් ඇම්බි‍්‍රස් සහ දේවේන්ද්‍ර බිෂූ යන ක‍්‍රීඩකයෝ කැදවා සිටිති.
හෙට (27) තරගයේ තෙවැනි දිනයයි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.