Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5-0 ක ජයක් වාර්තා කළහ. කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති දිවා/රාත්‍රී තරගයේදී, ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, ලකුණු 41 ක ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවිය.
නිව්ලන්ඞ්ස් පිටියේදී ලකුණු 226 කඉලක්කයක් කරා යමින් සිටි සත්කාරක කණ්ඩායම ඕවර 28 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියදී, තරගයට අවශ්‍ය තරම් ආලෝකය නොතිබූ හෙයින් තරගය තාවකාලිකව නතර කිරීමට සිදුවිය.
නිව්ලන්ඞ්ස් පිටියේ එක විදුලි කුළුණක් ක්‍රියාත්මක නොවීය. ඒ හේතුවෙන් දෙපිලේම ක්‍රීඩකයෝ ආපසු ක්‍රීඩාගාරයට ගියහ. ක්‍රීඩාංගණ බලධාරීන්ගේ උත්සාහය වූයේ සියලුම විදුලි කුළුණු නිවාදමා සියල්ලම එකවර ක්‍රියාත්මක කිරීම වුවත් පැය දෙකක කාලයක් තුළදීත් එය ක්‍රියාත්මක කරගත නොහැකි වූ හෙයින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහකයා තීරණය කෙරිණ. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වන විට ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු පිලට අවශ්‍ය වූයේ ලකුණු 94 ක් පමණි.
තරගාවලිය පුරාම සාර්ථක වූ ක්වින්ටින් ඩි’කොක් ලකුණු 6 කට දැවී ගිය නමුත් ඒඞ්න් මාක්රම් සහ නායක ෆෆ් ඩු ප්ලෙසි සිය ඉලක්කය කරා පහසුවෙන් ගමන් කළහ. සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගත් මාක්රම්, සිය නායකයා දැවී යාමෙන් පසු, අංක 4 පිතිකරුවා වූ රාසි වැන්ඩර්සන් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ ලකුණු 225 කට සීමා විය. මුලු ලකුණු සංඛ්‍යාව 161 ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටුණද ප්‍රියමාල් පෙරේරා (33) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉසුරු උදාන (32) සමත් වූයේය.
පන්දු 29 කට මුහුණදුන් උදාන හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 57 කදී වාර්තා වූ ප්‍රියමාල්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. කෙසේ වුවත් 48 වැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී ඔවුන් දෙදෙනාම දවාගත් කගිසෝ රබාඩා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 250 සීමාව කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය.
තරමක් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 84 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 56 ක් රැස්කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වෙමිනි. එහෙත් කඩුලු අතර දිවීමේදී නිසි අවබෝධයක් නොමැති වීම නිසා ඔහු දුවද්දී දැවී ගියේය.
ඕෂධ ප්‍රනාන්දු සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 83 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස්, පසුව ඇන්ජලෝ පෙරේරා (31) සමග එක්ව පන්දු 71 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
මෙම තරගාවලියේ තරග 3 කට මුහුණදුන් තරංගට රැස්කරගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි. පළමු තරගයේදී ලකුණු 9 කට දැවී ගිය තරංග සිවුවැනි තරගයේදී ලකුණු 4 කටද, පස්වැනි තරගයේදී ලකුණු 2 කටද සිය කඩුල්ල අහිමි කරගත්තේය.
තරගාවලිය පුරාම පිත්තෙන් මෙන්ම කඩුල්ල පිටුපස ද සිටිමින් දස්කම් දැක්වූ ක්වින්ටින් ඩි’කොක් තරගාවලියේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. ආරම්භක පිතිකරුවා වූ ඩිකොක් මෙම තරගාවලියේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 353 කි.
-036
ඡායාරූප - ඒ.එෆ්.පී ඇසුරෙනි
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.