Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී අද (06) පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලූ 3 කින් සත්කාරක බංග්ලාදේශය පරාජය කරමින් අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ තරග හතරම ජය ලබා ප‍්‍රසාද ලකුණු 17 ක් සමගින් පළමු ස්ථානයේ සිටිමින් අවසන් මහ තරගයට සූදානම් වෙයි. මෙම තරගයේ ප‍්‍රතිඵලය අවසන් මහ තරගයට කිසිඳු බලපෑමන් නොකළ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය අනිද්දා (08) මීර්පූර්හිදී පැවැත්වේ.
නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් වගකීම තමන් වෙත ලබා ගනිමින් පන්දු 103 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ආවේය. මෙය මැතිව්ස්ගේ 19 වැනි එක්දින අර්ධ ශතකයයි.
ලකුණු 75 කට කඩුලූ පහක් දැවී දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබියදී නායක ඇන්ජලෝ මැතිව්ස් සහ චතුරංග ද සිල්වා හයවැනි කඩුල්ලට ලකුණු 82 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට යාහැකි තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
කුසල් පෙරේරා (0), කුමාර් සංගක්කාර (02) සහ මහේල ජයවර්ධන (0) ලකුණු 8 ක් තුළ දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදකාරි තත්ත්වයකට පත්විය.
බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගළ එනමුල් හක් (49) සහ ශම්සූර් රහමන් (39) ලකුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද සෙසු පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට අපොහොසත්වීම නිසා ඉනිම කඩා වැටුණි.
අෂාන් ප‍්‍රියංජන් (11/2), තිසර පෙරේරා (29/2), සුරංග ලක්මාල් (32/2) සහ අජන්ත මෙන්ඩිස් (55/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරගය සඳහා දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරන අතර ඔහු වෙනුවට අෂාන් පි‍්‍රයන්ජන් කැඳවා තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.