Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෂෙහාන් ජයසූරිය පන්දු රකින්නන්ට බාධා කළේ යැයි වරදට යටතේ දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට පාකිස්තාන් සහ ඇෆ්ඝනිස්තාන් විනිසුරුවෝ තීරණය කළහ. ෂෙහාන් ඉදිරියට පැමිණ පහර ගැසීමෙන් පසුව කඩුලු රකින ක්‍රීඩකයා පන්දුව රැගෙන කඩුල්ලට යොමු කළ අතර එයට ෂෙහාන් බාධා කළ බවට විනිසුරුවන් දෙපළ සාකච්ඡා කර තීරණය කළහ.
ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන ෂෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් පස්වැනි කඩුල්ලට ලකුණු 66 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු තුන 11 වැනි ඕවරයේ දෙවැනි පන්දුව වන විට බිඳ වැටුණි. ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් කඩුලු වැටීමේ පාඩුව අවම කළේය.
චාමික කරුණාරත්න දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31 කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය. වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ඕවර 10 යේදී ලකුණු 28 ක් පමණක් ලබාදෙමින් බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කළේය.
යසීර් අලී පන්දු 72 කින් ලකුණු 66 ක් රැස්කර සිටියදී චාමික කරුණාරත්නගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. යසීර්ගේ ඉනිමට හතරේ පහර තුනක් සහ හයේ පහරක් ඇතුළත් විය.
නායක නුරුල් හසන් ලකුණු 14 ක් ලබා සිටියදී කවර්ස් ස්ථානයේ පන්දු රකිමින් සිටි හසිත බෝගයගොඩ වෙතට පහරක් ගසමින් ලකුණක් කරා දිවගිය අතර බෝයගොඩ පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කිරීමෙන් හයවැනි කඩුල්ල බිඳ වැටුණි.
ආරම්භක පිතිකරු මිෂානුර් රහමන් අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දෙමින් පන්දු 95 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 72 ක් රැස්කිරීමට සමත් විය. මිෂානුර් රහමන් සහ යසීර් අලී පස්වැනි කඩුල්ලට පන්දු 67 කින් ගොඩනැගූ ලකුණු 52 ක සම්බන්ධතාව බංග්ලාදේශ පිල ඔසවා තැබීය.
මිෂානුර් රහමන් සහ මොසඩක් හොසේන් (39) සිවුවැනි කඩුල්ලට පන්දු 94 කින් ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් සතුටුදායක තත්ත්වයකට ගෙනඒමට සමත් වූහ.
ෂෙහාන් ජයසූරිය ක්‍රියාත්මක වෙමින් අෆීෆ් හොසේන් ලකුණු 8 කට පිටියෙන් ඉවත්කරමින් ලකුණු 41 කට කඩුලු තුනක් බවට පත්කළේය.
දකුණතින් වේග පන්දු යවන චාමික කරුණාරත්න බංග්ලාදේශ පිලේ පළමු කඩුලු දෙක ලකුණු 30 ක් තුළ දවාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
ශ්‍රී ලංකා නැඟීඑන පිලේ නායක සම්මු අෂාන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය.
ලකුණු පුවරුව
බංග්ලාදේශ නැඟීඑන ක්‍රිකට් පිල
මිෂානුර් රහමන් - දුවද්දී දැවී ගියා 72
ශකීර් හසන් - ඇ. අසේල ප. චාමික 1
හොසේන් ශන්ටො - ඇ. සඳුන් ප. චාමික 10
අෆීෆ් හොසේන් - ප. ෂෙහාන් 8
මොසඩික් හොසේන් - ඇ. මධුසංඛ ප. කවිඳු 39
යසීර් අලී - ඇ. සඳුන් ප. චාමික 66
නුරුල් හසන් - දුවද්දී දැවී ගියා 14
නයීම් හසන් - ප. අසිත 5
ශාෆුල් ඉස්ලාම් - ප. අසිත 6
ෂොරිෆුල් ඉස්ලාම් - නොදැවී 1
තන්වීර් ඉස්ලාම් - ප. චාමික 1
අතිරේක 14
එකතුව ඕවර 49.1කදී සියලු දෙනා දැවී 237
කඩුලු වැටීම:
1-2(ශකීර් හසන්), 2-30(හොසේන් ශන්ටො), 3-41(අෆීෆ් හොසේන්), 4-106(මොසඩික් හොසේන්), 5-158(මිෂානුර් රහමන්), 6-200(නුරුල් හසන්), 7-218(නයීම් හසන්), 8-228(යසීර් අලී), 9-234(ශාෆුල් ඉස්ලාම්), 10-237(තන්වීර් ඉස්ලාම්)
පන්දු යැවීම:
අසිත ප්‍රනාන්දු: 9.4-0-50-2, චාමික කරුණාරත්න: 8.1-0-31-4, ෂෙහාන් ජයසූරිය: 2-0-10-1, ෂෙහාන් මධුසංඛ: 6-0-40-0, ලසිත් ඇඹුල්දෙණිය: 10-0-28-0, අසේල ගුණරත්න: 7-0-37-0, කමිඳු මෙන්ඩිස්: 6-0-31-1, සම්මු අෂාන්: 0.2-0-1-0
ශ්‍රී ලංකා නැඟීඑන පිල
සඳුන් වීරක්කොඩි - ස්ටම්ප් නුරුල් හසන් ප. අෆීෆ් හොසේන් 47
හසිත බෝයගොඩ - ක. මූ. කළා ප. ශාෆුල් ඉස්ලාම් 0
අවිෂ්ක ප්‍රනාන්දු - ඇ. යසීර් අලී ප. නයීම් හසන් 7
සම්මු අෂාන් - ඇ. මොසඩික් හොසේන් ප. ෂොරිෆුල් ඉස්ලාම් 18
ෂෙහාන් ජයසූරිය - පන්දු රකින්නන්ට බාදා කිරීම 39
කමිඳු මෙන්ඩිස් - නොදැවී 91
අසේල ගුණරත්න - ඇ. මිෂානුර් රහමන් ප. ෂොරිෆුල් ඉස්ලාම් 24
චාමික කරුණාරත්න - නොදැවී 9
අතිරේක 5
එකතුව ඕවර 48.2 කදී කඩුලු 6 ක් දැවී 241
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ෂෙහාන් මධුසංඛ, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු
කඩුලු වැටීම:
1-3(බෝයගොඩ), 2-46(අවිෂ්ක), 3-59(සඳුන්), 4-87(සම්මු), 5-153(ජයසූරිය), 6-217(අසේල)
පන්දු යැවීම:
ශාෆුල් ඉස්ලාම්: 6-0-50-1, නයීම් හසන්: 10-0-39-1, අෆීෆ් හොසේන්: 10-0-37-1, ෂොරිෆුල් ඉස්ලාම්: 9.2-0-50-2, මොසඩික් හොසේන්: 3-0-19-0, තන්වීර් ඉස්ලාම්: 10-0-45-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.