Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සෝබර්ස් - තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරගාවලිය සමකරගැනීමේ අරමුණ ඇතිව බාර්බඩෝස්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සොයා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉලක්කයට තවත් ලකුණු 63 ක් ඈතින් සිටී. බ්‍රිජ්ටවුන්හි කෙන්සිංග්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී ලකුණු 144 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය නිමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය.
පළමු තරගය ජයගත් කොදෙව් කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
තරගාවලිය සම කිරීමේ උත්සාහයේදී ශ්‍රී ලංකා පිල හමුවේ ඇති බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා තුවාල ලැබීමයි.
ෂැනන් ගේබ්‍රියෙල්ගේ උඩපන්දුවක් රැකගැනීම සඳහා මිඞ් ඕන්හි සිට දිවගිය කුසල් පෙරේරා උඩපන්දුව රැකගැනීමට අති විශිෂ්ට උත්සාහයක නිරත වීමේදී හතරේ සීමාවේ රඳවා තිබූ දැන්වීම් පුවරුවක් මත ඇද වැටුණේය. සැණෙකින් පිටියට පිවිසි ගිලන් රියකින් කුසල් පෙරේරා රෝහල වෙත ගෙන යන ලද අතර කොදෙව් පිලට ලකුණු 6 ක් හිමිවිය.
කුසල් ජනිත් පෙරේරා තුවාල නොලැබූයේ නම් කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 82 දී නිමාවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ලකුණු 133 ක් වන්නට තිබිණ. කෙසේ වෙතත් ලකුණු 93 යනු මෙම ක්‍රීඩාංගණයේදී කොදෙව් කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වීමෙන් ඕවර 20 ක් යාමටත් මත්තෙන් කඩුලු 5 ක් බිඳ වැටුණු අතර ඕවර 24 ක් නිමාවේදී පුවරුවට එක්වී තිබූ ලකුණු සංඛ්‍යාව 81 ක් විය. කුසල් ජනිත් පෙරේරා ආපසු පිටියට නොපැමිණි අතර දිනයේ ක්‍රීඩාව නිමා වන විට කුසල් මෙන්ඩිස් (නොදැවී 25) සහ ඩිල්රුවන් පෙරේරා (නොදැවී 01) කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.
සෙසු පිතිකරුවන් එකා පසුපස එකා දැවීගියද එඩිතර පිතිහරඹයක නිරත වූ මෙන්ඩිස්ගේ පන්දු 38 කින් පැමිණි ලකුණු 25 ට හතරේ පහර 4 ක් ඇතුළත් විය. පන්දු 19 කට මුහුණ දුන් ඩිල්රුවන් පෙරේරා ලබාගත්තේ ලකුණක් පමණි.
තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (25 වැනිදා) කඩුලු 20 ක් බිඳ වැටුණ අතර දෙපිලේම කඩුලු 10 බැගින් බිඳ වැටිණ. දෙවැනි දිනය නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 154 කට දැවී ගියේ ලකුණු 50 ක වාසියක් කොදෙව් පිලට ඉතිරි කරමිනි. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ධෛර්යවත් පන්දු යැවීම හේතුවෙන් කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 93 කට සීමාවූයේ ඉලක්කය 144 ක් බවට පත්කරමිනි. කෙසේ වෙතත් මෙම ඉලක්කය ඉතාමත් අසීරු ඉලක්කයක් විය හැක්කේ තණතීරුවෙන් කොදෙව් වේග පන්දු යවන්නන්ට උපරිම සහයෝගයක් ලැබෙන බැවිනි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත් නායක ජේසන් හෝල්ඩර් පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 74 ක් ලබාගත්තේය. තම පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වන හෝල්ඩර් ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ඕවර 16 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත්තේය.
යම් හෙයකින් මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුවහොත් බාර්බඩෝස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගන්නා පළමු ආසියානු කණ්ඩායම වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.