Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අති දක්ෂ තිර කතා රචකයකුට පමණක් රචනා කළ හැකි ආකාරයේ සුන්දර අවසානයකින් තරගාවලිය නිමා කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති හත්වැනි සහ අවසාන එක්දින තරගයේදී ලකුණු 87 ක ජයක් ශ්‍රී ලංකා පිලට හිමිකර දෙමින් තම ආදරණිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් සමුගත්හ. මෙම ජයත් සමගින් එංගලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5-2 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය එංගලන්ත පිලට නොපෙනෙන මායිමක තිබියදී ජයග්‍රාහී කඩුල්ල දවාගැනීමේ අවස්ථාව උදාකරගැනීම සඳහා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුව මහේලට බාර කළේය. පළමු ඕවරය ලකුණු 3 කට සීමා කළ මහේල විසින් යවන ලද 11 වැනි පන්දුවේදී ඉදිරියට පැන පහරක් ගැසීමට ගිය ජේම්ස් ට්‍රෙඩ්වෙල්ගේ කඩුල්ල බිඳ දැමීමට සංගක්කාර සමත් විය.
මෙම අති විශිෂ්ට ක්‍රීඩකයක් දෙදෙනා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හමුවේ ක්‍රීඩා කළ අවසන් අවස්ථාව දැකගැනීම සඳහාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණි 35,000 කට ආසන්න ප්‍රේක්ෂකයන් අවසන් මොහොත දක්වාම රැඳී සිටීමේ වටිනාකම සිය ගුණයකින් වැඩිකළ මහේල සහ සංගක්කාර අතිශය සුන්දර අවසානයකින් තරගය අවසන් කළහ.
ඉනිමේ 40 වැනි ඕවරය නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියේය. තරගය ජයගැනීමට නම් එංගලන්ත කණ්ඩායම අවසන් ඕවර 10 දී ලකුණු 111 ක් ලබාගැනීම සඳහා ඕවරයකදී ලකුණු 11.1 ක වේගයක් රඳවාගත යුතුවූ නමුත් ඔවුන් සතුව තිබුණේ කඩුලු 3 ක් පමණි.
එහෙත් එම කඩුලු 3 බිම දැමීම සඳහා සීකුගේ ප්‍රසන්න සහ මහේල දෙදෙනාට අවශ්‍ය වූයේ ඕවර 5.5 ක් පමණි.
ලකුණු 303 ක් සොයා යාම ඇරඹූ එංගලන්ත ඉනිම ආරම්භයේදීම අඩපණ කර දැමූ තිලකරත්න ඩිල්ෂාන් සිය දෙවැනි පන්දුවේදීම මොයීන් අලී පිටියෙන් ඉවත් කළ අතර ඇලෙක්ස් හේල්ස්ට මුහුණ දිය හැකිවූයේ පන්දු 15 කට පමණි. ඩිල්ෂාන්ගේ පන්දුවකට ගැසූ දැවැන්ත පහරකින් ගුවනේ ඉගිළ ගිය පන්දුව ‘ලෝන්ග් ඕන්‘ හි සිටි සීකුගේ ප්‍රසන්නගේ දෑත් අතර සැඟවී යන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 28 ක් පමණි.
තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් විශිෂ්ට ශතකයෙන් පසු, අවසන් ඕවර 10 දී එංගලන්ත පන්දු යවන්නන්ගෙන් ලකුණු 93 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත ඕවර 50 නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 302 ක් ලබාගත්හ.
අද සිය 300 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ ඩිල්ෂාන් සිය 18 වැනි එක්දින ශතකය ලබාගනිමින් එක්දින ලකුණු 9000 කඩයිම පසුකර ගිය අතර දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා ලබාගත් අර්ධ ශතක වලින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් විය. පන්දු 124 කට මුහුණ දුන් ආරම්භක පිතිකරුවා හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ නරඹන්නන් පිනවීය.
මාස 10 කට කාලයක් ඇතුළත, එක්දින තරග 11 කට පසුව, අර්ධ ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් සහ පන්දු 22 කින් අර්ධ ශතකයක් ලබාගත් තිසර පෙරේරා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 63 ක් එක් කළහ. මෙම සම්බන්ධතාව නිසා එංගලන්ත පන්දු යවන්නන් කිසි සේත්ම බලාපොරොත්තු නොවූ අයුරින් ලකුණු 300 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලැබිණ.
සතියේ වැඩකරන දිනයක් වුවද අතුරු සිදුරු නැතිව පිරීගිය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි 35,000 කට අධික නරඹන්නන් පිරිස මහත් බලාපොරාත්තු තබා සිටියද ශ්‍රී ලංකාවේදී සිය අවසන් එක්දින තරගයට සහභාගි වූ මහේල ජයවර්ධනට ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණි. කුමාර් සංගක්කාර ලකුණු 33 කට දැවී ගියේය.
මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට යැවූ මහේල දිගු ඉනිමකට සූදානම් වූ නමුත් හැරී ගර්නිගේ පන්දුවකට ගැසූ පුල් පහරක් නොසිතූ තරම් ඉහළ යාම නිසා ලෝන්ග් ලෙග්හි සිටි ක්‍රිස් වෝක්ස්ට පහසු උඩපන්දුවක් ලැබිණ. ඒ වන විට පන්දු 22 කට මුහුණ දී තිබූ මෙම විශිෂ්ට දකුණත් පිතිකරුවා හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණ.
තිලකරත්න ඩිල්ෂාන් සහ සංගක්කාර එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 120 දක්වා ඉහළ දැමූ නමුත් පිත්තටම ලැබුණු පන්දුවට පහරක් ගැසීමට ගිය සංගක්කාරගෙන් ජේම්ස් ට්‍රෙඩ්වෙල්ට උඩපන්දුවක් ලැබිණ. පන්දු 50 කට මුහුණ දුන් සංගක්කාරගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 3 ක් පමණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.